කොළඹ නගර සභාව කුණු බිස්නස් එකක් කරගෙන.. මේක ත්‍රස්තවාදී වැඩක්.. නීතී විරෝධී වැඩක්..- විගණකාධිපති අති විශිෂ්ඨ විග‍්‍රහයක..

April 19, 2017 at 12:18 am | lanka C news
කොළඹ නගර සභාව කුණු බිස්නස් එකක් කරගෙන.. මේක ත්‍රස්තවාදී වැඩක්.. නීතී විරෝධී වැඩක්..- විගණකාධිපති අති විශිෂ්ඨ විග‍්‍රහයක..

‘මීතොටමුල්ල කුණු කන්ද තියෙනකම් විගණකාධිපතිගෙන් ක්ලීන් රිපෝට් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා, මම එහෙම හොඳ වාර්තාවක් දෙන්නේ නැහ’ යයි මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ බලධාරීන් වෙත පසුගිය පෙබරවාරියේදී කොළඹ නගරාධිපති නිල නිවසේ පැවති වැඩමුලුවේදි දැන්වු බව රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

පසුගිය පෙබරවාරියේදී කොළඹ නගර සභාවේ කුණු කසල බැහර කිරීමේදි අනුගමනය කරන පිලිවෙත පිලිබඳව රජයේ විගණකාධිපතිවරයා විසින් නගර සභාවේ බලධාරීන් දැනුවත් කලත් එය නොසලකා හැරීම මීතොටමුල්ල ඛේදවාචකයකයට හේතුවක් බව හෙතෙම පෙන්වා දෙයි.

ඔහු තවදුරටත් ලංකාදීප පුවත්පත කල විමසුමට පිලිතුරු වශයෙන් පවසා ඇත්තේ කොළඹ නගර සභාව කුණු බිස්නස් එකක් කරගෙන ඇති බවත්, ජනතාව කුණු එලියට දාන ප්‍රමාණය වැලැක්වීමට පියවර නොගෙන ඒ ප්‍රමාණය වැඩි වෙනවා දකින්නට සතුටු වෙන බවත් දිනකට ටොන් දෙක තුනක් වැඩිවීම කුණු අදින කොන්ත්‍රාත්කරුවන්ට මහා සම්පතක් බවත්. තමන්ට පාලනය කල ගත හැකි මෙන්ම ගෙවත්තේ විනාශ කරගත හැකි අපද්‍රව්‍ය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ පියවර ගැනීමෙන් කොළඹ කුණු ප්‍රමාණයේ අඩුවක් කර ගත හැකි බවයි.

එහෙම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර කොළඹ කුණු සියල්ලම මීතොටමුල්ලට හෝ වෙනත් කොහේ හරි තැනකට දාලා අපේ වැඩේ හරි කියලා අත පිය දාගන්න කොළඹ නගර සභාවට බැරි බවත් අපේ කුණු අල්ලපු වත්තට දාලා සතුටු වෙන්න පුලුවන් ද?

මේකත් ඒ වගේ වැඩක්, අපි කුණු දැම්මොත් අපිට දඩ ගහනවා, නමුත් නගර සභාව කුණු ටොන් ගනන් ගෙනිහින් වෙනත් තැනක දානවා. මේක ත්‍රස්තවාදී වැඩක්, නීතී විරෝධී වැඩක්, රාජ්‍ය ආයතනයක් නොකළ යුතු වැඩක්. බවත් එබැවින් පසුගිය දා නගර සභාවේ බලධාරීන්ට පැවසු පරිදි මීතොටමුල්ල කුණු කන්ද තියෙනකම් විගණකාධිපතිගෙන් ක්ලීන් රිපෝට් එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා, මම එහෙම හොඳ වාර්තාවක් දෙන්නේ නැහ යයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ප්‍රකාශ කල බව එම පුවතේ සඳහන් වේ.

25 views

9 Comments to “කොළඹ නගර සභාව කුණු බිස්නස් එකක් කරගෙන.. මේක ත්‍රස්තවාදී වැඩක්.. නීතී විරෝධී වැඩක්..- විගණකාධිපති අති විශිෂ්ඨ විග‍්‍රහයක..”

  1. asaranaya says:

    මහත්තයෝ ඕක හරියට ‘බීරි අලින්ට වීණා ගායනා කරනවා වගේ වැඩක්’
    මෙතෙක් පඹ රජය කිසිම වැඩක් කර නැති එකේ කුණු වැඩෙ කුණු විදියට නොකර රටට සේවයක් විදියට වත් වැඩක් කර පෙන්වපිය. අඩු ගනනේ කුණු වැඩේ වත්. නැත්නම් ඇඩ්ඩ්‍රස් නැත්තටම නැතිවෙයි,
    පඹයෝ පින්ගුත්තරයෝ තවම නිදිද. පොලවයට නිදියන දිනය ඈතක නොවේ.

    • මිස්ටර් එම් says:

      රාජ්‍ය සේවකයෙකු වූ නාගරික කොමසාරිස් දේශපාලන අතකොළුවක් ද?ඔහුට මේ කියනා පරිදි බිස්නස් අපේක්ෂා තිබෙන්වාද ඒ වෙනුවෙන් ඔහු විවිද විෂමාචාර ක්‍රියා සිදුකරනවද ?
      ඔහුට විරුද්දව කිහිප දෙනෙක් නඩු දමා තිබෙන්නේ ඇයි?
      ඔහුට නගා තිබෙන චෝදනා මොනවාද ?
      ඔහුට නිලධාරීන්ගේ රාජකාරියට බාදා කිරීම් ගැන හිටපු නගරාධිපතිතුමා අවවාද කර තිබෙනවාද ?
      තමන් ජිවත්වන නගරය පාලනය කරන ජනතාවට ඔහු කවුද කරන්නේ මොනවද කියා දැනගැනීමට අයිතියක් තිබෙනවා නොවේද ?

  2. RW says:

    He is trying to do fishing in troubled waters. Recycling helps to reduce amount of garbage. But it’s not a solution to disposal of garbage. World bank provided funds to have a proper sanitary disposal site in 1990s. But,politicians didn’t allow to proceed. As professionals, people must stop show off and criticize others, but get together and find a solution.

  3. jayamal says:

    විගණකාධිපතිතුමාගේ නිර්භීතභාවය සහ අවංක කම බෙහෙවින් අගය කරමි. පින් අයිති වෙයි ඔබතුමා වැනි උදාර ලක්පුතුන් මේ රජයේ බලධාරීන්ට බල කරලා හෝ බිය වද්දලා මේ දුකට පත් අපේම සහෝදර ජනතාවටත් මේ කුණු ප්‍රශ්න ආශ්‍රිතව අපහසුවෙන් ජීවිත ගැට ගහගන්නට වෙර දරන අපේම අයට පිහිට වනු මැනවි.

  4. sisira says:

    කුනු දේශපාලකයන් මේ අවස්ථාවද වාසි ගන්නවා . නිරෝශන් පාදුක්ක එකෙක්. කරදියානට කුනු දාන්න සති දෙකකට උසාවි නියෝග දුන්නම මූ නඩු දානව සති දෙකට වඩා කුනු දාන්න එපා කියලා. ඒ කියන්නෙ උසාවි නියෝගයම තමයි . දැන් මේක කියයි මාත් මේ විරෝධී සටනේ පුරෝගාමියා කියල චන්දෙදි

  5. don says:

    how auditor general said so. he must doing his job according to international accepted auditing standards.he can,t issue a audit report like former CJ.s court judgments

  6. Kapila says:

    Mr Auditor General, Please tell us your complete solution for the disposal of garbage in municipal areas. Do those living in flats and small plots of lands compacted in townships have any solution for garbage disposal other than handing over to the relevant authorities. Please do not issue cheap statements to get the popularity among laymen without giving a practical solution. This does not mean I am justifying the bureaucracy and personal interests of the politicians and responsible government officers in this regard.

  7. GodFather says:

    What this man says is correct. If possible, all garbages should be disposed at the home premises. Disposing garbage to the municipality should not be advocated.

Main News