කොළඹ නගර සීමාවේ දිනකට ගවයින් 200ක් මරා මස් කති..
April 9, 2017 at 12:40 pm | lanka C news
මස් සදහා එක් දිනකට කොළඹ මහ නගර සීමාව තුල පමණක් ගවයින් 200ක් ඝාතනය කරන බව කොළඹ නාගරික පශු වෛද්‍ය කාර්යාලය පවසයි.
පශු වෛද්‍ය විපුල ධර්මවර්ධන මහතා පවසන්නේ දිනක පරිභෝජනයට ගවමස් කිලෝ විසිදහසක් දෛනිකව වෙලදපලට පැමිණෙන බවයි.
මෙම සියළු මස් වෙලදපලට නිකුත් කරනු ලබන්නේ මහජන පරිබෝගනයට සුදුසු යයි අනුමත කිරීමෙන් පසු බවද ඔහු සදහන් කරයි.