කොළඹ නගර සීමාව උපරිම අවදානමේ.. ආශ‍්‍රීතයන් හා අහඹු පරීක්‍ෂාවලින් ආසාදිතයන් 1087ක් හමුවේ..

October 28, 2020 at 9:20 am | lanka C news
කොළඹ නගර සීමාව උපරිම අවදානමේ.. ආශ‍්‍රීතයන් හා අහඹු පරීක්‍ෂාවලින් ආසාදිතයන් 1087ක් හමුවේ..

කොළඹ මහා නගර සභා සීමාව තුළ කොරෝනා ආශ්‍රිතයන්ට සහ අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ අතරින් ආදිතයන් 1087 දෙනකු වාර්තා වී තිබේ.

අද මව්බිම පුවත්පත වෙත අදහස් පළ කරමින් කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය මේ බව සඳහන් කර ඇත.

පෑලියගොඩ පොකුර වාර්තාවෙන් වීමෙන් පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණ 5300 ට අධික ප්‍රමාණයකින් ආසාදිතයන් 965 වාර්තා වූ බව ද ඇය සඳහන් කර තිබේ.

ඔවුන්ද සමග මාර්තු මාසයේ සිට මේ දක්වා කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1136කි.

මේ අතර කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ කර ඇත්තේ පෙබරවාරි මාසේ සිට මේ දක්වා වූ කාල සීමාව තුළ කොරෝනා පරීක්ෂණත් දොළොස් දහසකට අධික සංඛ්‍යාවක් නගර සීමාවේ සිදුකර ඇති බවයි.

76,074 views

2 Comments to “කොළඹ නගර සීමාව උපරිම අවදානමේ.. ආශ‍්‍රීතයන් හා අහඹු පරීක්‍ෂාවලින් ආසාදිතයන් 1087ක් හමුවේ..”

  1. මයික් පොම්පියෝ says:

    ලංකාව ලස්සන රටක්…. මා මෙහි පුරවැසිකම ලබාගන්නවා. ( එවිට මා ඇමෙරිකානු – ශ්‍රීලංකා ද්විත්ව පුරවැසියෙක් ) එයින් පසුව මට පුලුවනි හම්බන්තොටින් චන්දය ඉල්ලා ජයග්‍රහණය කර ලංකාවේ පාර්ලිමේන්තුවට එන්න. ඒ නැතත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් ඉඩක් මට ලැබෙනවා.

  2. ගමරාළ says:

    මේ යන විදිහට කොරෝනා සමාජගත වෙන්න කලින්
    ශරීරගත වෙලා රෝහල් ගත වෙලා භුගත වෙලා ඉතිහාස ගතවෙන සීන් එකක් තියෙන්නේ..

Main News