කොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්.. විකල්ප මාර්ග මෙන්න….

November 10, 2021 at 7:26 pm | lanka C news
කොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්.. විකල්ප මාර්ග මෙන්න….

කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද රාත්‍රී 10.00 ට පහල කඩුගන්නාවෙන් තාවකාලිකව වසා දැමේ.රාත්‍රී 10 තෙක් එක මංතීරුවක් පමණක් විවෘත කර තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.

හෙට උදෑසන 7.00ට ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කරන වේලාව දනුම් දීමට නියමිතයි.

කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස

1.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර

2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර

3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.

4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර

යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.

මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස

1.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා

2.කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොලඹ
යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා වැඩිදුරටත් පවසයි

– මාර්ග සංවර්ධන අධිකාරිය

56,401 views

6 Comments to “කොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්.. විකල්ප මාර්ග මෙන්න….”

  1. Love nature says:

    කදු කැපීම ,ගස් කැපීම ,කදු කපා හෝටල් ගොඩ නැගීමේ ප්‍රතිඵල ….වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩු …
    දැන්වත් මිනිසුනේ ඇස් ඇර බලාපියව් ..උබලා අපේ මබ් බිමට කරන අපරාධය

    • janaka says:

      කඩුගන්නාවේ වාහන හෝදනවා කඩ දාල තියෙනවා , බස් නතර කරනවා, හැමදාම හෝදන වතුර කන්ද පහලට ගලනවා, හැමදාම,
      සුද්ද ගල විද්දට පස්සේ ගාමිණී දිසානායක මහත්තය බැල්ෆ බීටි නැටෝල් (BBN ) කොම්පැනියට වාහන ගෙනියන්ඩ පාර ලොකු කරගන්ඩ දුන්න. වික්ටෝරියා වේල්ල සහ මහවැලියේ සංවර්දනයට.
      එදා ඉඳල ආචාර්යවරු, මහාචාර්යවරු, කබ්බෝ, ගොබ්බයො, මම, හැම බූතයම ඒ පාරේ යනව.

      මේක හරියට වැසිකිලියේ නලය හිරවෙනව කියල දැන දැන, කොළ ඔබ ඔබා රෙන මමයි, ඔහේලයි වගේ.
      හරි වැදගත්, උගත්, හිර කරගත්තම, නලේ පිපිරුණාම, ඉතින් කුරුණෑගල හරහා යාම තමයි.
      සමහරවිට, highway එක ඇරලා ටිකට් කඩයි.

      විකල්ප හැමදේටම ඕනේ.
      දේසපාලනේටත්.
      හැබැයි JVP නෙමෙයි.

      • King Bull says:

        කඩදාසියෙන් පිහිදන් ඉන්න කලු සුද්දෙක් . ඒකයි JVP එකට ඔයහැටි බය.

    • Citizen says:

      Also unsupervised construction of Temples where the Architect and the structural Engineer is the Chief Priest..

  2. Kandy Brandy says:

    ලංකාවේ වැඩිම වාහන යන්නෙ නුවර පාරේ.
    එහෙව් එකේ හයිවේ මුලින්ම හදන්නෙ කැලෑ පැතිවලට.
    අම්මගෙ රෙද්ද……………