ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…

December 6, 2021 at 10:22 pm | lanka C news
ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…

ඉස්ලාම් අන්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට එරෙහිව 06 දින පකිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිට ජාතික සංවිධාන 10ක් විසින් විරෝධතාවය පළකරනු ලැබීය.

එම විරෝධතාවයෙන් අනතුරුව එම සංවිධාන නියෝජතයන් විසින් පකිස්ථාන තානාපතිවරයා මුණගැසී ලිපියක් බාරදෙනු ලැබීය. එම ලිපිය මගින් ඝාතනයට වගකිව යුතු සියළු අන්තවාදීන්ට නීතිය අනුව දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස සහ මෙම සිද්ධිය මුල්කරගෙන ඉස්ලාම් අන්තවාදය පකිස්ථානයෙන් සහමුලින්ම අතුගාදැමීමට ක‍්‍රියාකරන ලෙස දැඩි ලෙස අවධාරණය කර ඇත. ඊට අමතරව ඝාතනයට ලක්වූ ඉංජිනේරුවරයාට වන්දි ගෙවන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මෙම විරෝධතාවයට දේශපේ‍්‍රමී විද්වත් සංසදය, ශ‍්‍රී ලංකා විදේශ රැකියා ඡලය, ජාතික සංවිධාන එකමුතුව, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය ආදී ජාතික සංවිධාන 10ක නියෝජිතයන් සහභාගී විය.

අදාල විරෝධතා පුවරු මගින් මේ වන විට පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ගෙන ඇති පියවර අගය කරන අතර සමස්ථයක් ලෙස ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව මෙතෙක් කාලයක් පියවර නොගැනීම පිළිබඳව අගමැතිවරයා විවේචනයට ද ලක්කර ඇත.

– repoter

59,476 views

26 Comments to “ප‍්‍රියන්ත ඝාතනයට විරෝධය.. කොළඹ පකිස්තාන තානාපති කාර්යාලය වටලා විරෝධතා…”

  1. 3% ට බය බයියා. says:

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ප්‍රහාරයක් සිදු වුනු වෙලාවේ මුන් සෙට් එක හිටියේ කොහේද ?හමුදාවේ 3000ක් ඝාතනය කළා කියපු LTTE නායකයන්ට විරුද්ධව මේ හොර දේශප්‍රේමී නඩය ඔය වගේ උද්ඝෝෂණය කලා ද?

    • කොමෙන්ට් කොටින්ගේ සංගමය යේ සාමාජික says:

      උඹ හිටියේ කොහේද?

  2. Jagath says:

    එවකට මුදානොගත් ප්‍රදේශයක් වුන දැරණියගල නුරියකන්දේ වත්තේ මැනේජර් අමානුෂික ලෙස ඝාතනය කරලා ඩබල් කැබ් එකක බැඳගෙන පාරේ ඇදගෙන ගියා. තංගල්ලේ ප්‍රාදේශීය සභාපති නත්තල් දවසේ මෝල් අමාරුව හැදිලා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික්ව මරලා ඔහුගේ රුසියානු පෙම්වතිය 10 දෙනෙක් එකතුවෙලා සමුහ දුෂණය කරපු වෙලාවේ ඔවුන්ට ඇප ලබාගන්න පොලිසිය කිසිම විරුධ්ධ්ත්වයක් තිබුනේ නැහැ. ඒ කාලේ මේ විරෝධතාකරුවෝ කොහේ හිටියද දන්නේ නැහැ. අනෙක ප්‍රියන්ත මහතාගේ ඝාතනය විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා ඉම්රාන් ඛාන් ඉල්ලන්නේ ඔහුවත් ඔහුගේ හෙන්චයියන්වත් මේකට හවුල් නැති නිසයි

    • SeaLoan says:

      බයි ගුපි දේශපාලන සල්ලාල මැරයො ඉස්සර කරපු අමන වැඩ නිසා තමයි මේ වගේ වෙලාවකවත් පාකිස්තානෙදි මැරිච්ච ලාංකිකය වෙනුවෙන් කෙලින් හිටගන්න බැරි
      .දැන් මිනිස්සුන්ට දේශපාලන කාලකණ්ණි මැරයො ගැන තේරෙනවා ඇති කියලා හිතනවා.

  3. Saleem says:

    පාස්කු ප්‍රහාරවලින් 300 ක් විතර ඝාතනය වුනාට රජයට එරෙහිවම ප්‍රබල සාක්ෂි තියෙනව. ජාතිවාදී කලබල නිසා මුස්ලිම් ජීවිත දේපල කොච්චර නැති වුනාද ? ඒ හැරෙන්නට ජනාධිපති අගමැති මුදල් ඇමති උංගෙ නෑයන් හිතමිතුරන්ට එරෙහි චෝදනා නඩු කොපමණක් තියෙනවද? කිසිම පියවරක්එ නැ. එහෙව් රටක ඉදගෙන මුං කරන උද්ඝෝෂණ බලල ලෝකයා අධෝ මුඛයෙන් හිනා වෙනව ඇති. ඇරත් ඉම්රාන් ඛාන් 120 ක් විතර සතියක් ඇතුළත අත්අඩංගුවට අරනුත් ඉවරයි
    අනික ප්‍රියන්ත කුමාර තැන හිටියෙ මුස්ලිම් මිනිහෙක් වුනත් ඉරණම මේකමයි

    • යහපාල says:

      උබ ඇත්තටම තම්බියෙක් නම් උබල වගේ උන් තමයි මේ ලෝකෙන් ඉකමනටම චුත කරලා දාන්න ඕනේ ඩබල් ගේම් ගහන ආණ්ඩු වලට බෑ අන්තවාදය නැති කරන්න. වහබ් වාදය ඔලුවේ තියාගෙන ඉන්න තොපි වගේ සත්තු නිසා පාරම්පරිකව ජිවත් වෙන මේ රටේ අහිංසක මුස්ලිම් මිනිහත් නිරපරාදේ අසරණ වෙනවා.

      • වැඩ බැරි ටාසන් says:

        මචං වහබ් වාදය කියන්නේ මොකක්ද ???

  4. SL says:

    මුන්ට පිස්සු!!
    කාලකන්නි.ගිහින් වැඩක්පලක් කරගනිව්

  5. මහජනතාව says:

    // ජාතික සංවිධාන 10ක් // මේ රටේ ජාතික සංවිධාන කියලා අටවාගෙන ඉන්න උන්ට තියෙන්නෙ පුදුමාකාර පුපේ අමාරුවක් තමයි

  6. aaa says:

    gon part

  7. ගමරාල says:

    ලන්කාව අනවශ්‍ය විදිහට ඉන්දියාව ලංකර ගැනීමේ අහිතකර ප්‍රතිඵල පකිස්ථාන ත්‍රස්තවාදී කල්ලි ලන්කාවට එල්ල කිරීමේ අවදානමක් තියෙනවා. ඉන්දියාව හැමදාම ලන්කාවට කෙලවන්නමයි බලාගෙන ඉන්නේ.

  8. Carbon says:

    Sinhala bauddayek marunama ballek wath ganan ganne na.Okai thiththa atta.Digana ekkenekwa gahala maruwa katada mathaka.Gotabaya mahattaya nattan mekata wena de balaganna thibba.Anthawadi niwata thuppahi ngo kaakko hasirena hati.

Main News