කොළඹ පාතාලයෝ ඇවිලෙති.. වෙඩි තබා මහමග මරා දමති..
November 19, 2017 at 12:00 pm | lanka C news
අද පෙරවරුවේ කොළඹ පුංචි බොරැල්ලේදී සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
ත්රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත.
මරදාන නාලන්ද විදුහල අසලදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
පොලිසිය සැක කරන්නේ පාතාල සාමාජිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි.
තව දුරටත් පොලිස් පරීක්ෂණ ක්රියාත්මකය.