කොළඹ පාරට කුණු දමන්නන් අත්අඩංගුවට ගන්න යුද හමුදා මෙහෙයුම් ඇරඹේ..
June 14, 2017 at 5:30 pm | lanka C news
කොළඹ නගර සීමාවේ ප්‍රසිද්ධ ස්ථානයන්ට කුණු බැහැර කරන්නන් ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීම සදහා යුද හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
නගර සභාවේ සෞඛ්‍ය අංශය හා පරිසර පොලීසිය හෙට දිනයේ සිට ඇරඹෙන මෙම මෙහෙයුම් සදහා යුද හමුදාවට සහාය දෙනු ලබයි.
වෙන් නොකරන ලද කසල නගර සභාව විසින් බාර නොගන්නා නිසා හොර රහසේම නගරයේ ප්‍රසිද්ධ ස්ථානවලට කසල බැහැර කිරීම නවතා දැමීම සදහා මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නංවා ඇත.