කොළඹ පාරවල් ජලයෙන් යටවේ.. දැඩි වාහන තදබදයක්.. නිල්වලා ගගේ මහා ගංවතුර තත්වයක්..
September 24, 2019 at 8:14 am | lanka C news
ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යට වී තිබේ.
ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය එළඹෙන හෙට දිනය දක්වා බලාපොරොත්තු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට කළු, නිල්වලා, ගිං යන ගංගාවන් ස්ථාන කිපිහයකින් පිටාර ගලා ගංවතුර තත්වයක් ඇතිව තිබේ.
නිල්වලා ගග පානදුගම ප්‍රදේශයෙන් පිටාර යාම හේතුවෙන් මහා ගංවතුර තත්වයත් ඇතිව තිබේ.