කොළඹ පාසල් 102 ක මදූරුවන් බෝවන ස්ථාන..

February 11, 2017 at 2:06 am | lanka C news
කොළඹ පාසල් 102 ක මදූරුවන් බෝවන ස්ථාන..

දිවයින පුරා දිස්ත්‍රික්ක 09 ක ඩෙංගු රෝගීන් බහුල වශයෙන් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. කොළඹ, ගම්පහ, කලුතර, යාපනය, මඩකළපුව, කල්මුණේ, ගාල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වෙයි.

2017 වර්ෂයේ මෙි දක්වා ඩෙංගු රෝගීන් 9886 ක් වාර්තා වී තිබෙි. සිදූව ඇති මරණ සංඛ්‍යාව 12 කි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ඩෙංගු මදූරු මර්දන කටයුතු රැසක් පසුගිය කාලයේ දී සිදූ කෙරිනි. රාජ්‍ය ආයතන තුල ඩෙංගු මදූරුවන් බෝවන ස්ථාන ඉවත් කිරිම හා මර්දනය කිරීමෙි අරමුණින් යුතුව 2017/01/24 වන දින සිදූ කරන ලද පිරිසිදූ කිරීමෙි වැඩසටහනට පසුව 2017 ජනවාරි 25,26,27 දිනයන්හිදී සිදූ කරන ලද පසු සමීක්ෂණ වැඩසටහන්වල දී අනාවරණය වූ පරිදි ආයතන තුල මදූරු මර්දන කටයුතු සතුටුදායක නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමග පෙබරවාරි පළමුවැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සදහා සිදූ කරන ලද වැඩසටහන්හීදි පාසල් 170 ක් පරීක්ෂා කරන ලද අතර, පාසල් 102 (60%) මදූරුවන් බෝවන ස්ථාන සොයාගෙන ඇත. තව ද පාසල් 44 (26%)කින් මදූරු කීටයින් සොයාගෙන ඇත. මෙි අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් කිහිපයක් ද වෙි.

රාජ්‍ය ආයතනයන් හී මදූරුවන් බෝවන ස්ථාන නිතිපතා ඉවත් කිරීමෙන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා විය හැකි අතර, එහිදි පහත ක්‍රීයාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

ඒ අනුව නිරන්තර පරීක්ෂාව සදහා කණ්ඩායමක් පත්කර ගැනීම, පරිශ්‍රයන් තුල සහ පිටත ඇති භාවිතා නොකරන ජලය රැස් කරන බදූන්, ජලය නොරැදෙන සේ ආවරණ සහිත ස්ථානයක තබන්න, ජලය රැස්විය හැකි ඉවතලන බදූන් නිසිලෙස බැහැරකරන්න/ ප්‍රතිචක්‍රීකරණයට යොමු කරන්න. මෙි සම්බන්ධව අවශ්‍යවන තාක්ෂණික උපදෙස් සහ සහාය ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වලින් ද ලබාගත හැක.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

3 views

One Comment to “කොළඹ පාසල් 102 ක මදූරුවන් බෝවන ස්ථාන..”

  1. Prasanga says:

    Ananda college is breeding ground for Mosquitos. Why not PHI in the are not check the school premises

Main News