කොළඹ පාසැල් ගණනාවක් හමුදාවට ගනී.. රාජකීය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්,, මහානාම ඒ අතරයි.. ඉදිරියේදී තවත් ගනී..

April 27, 2020 at 12:40 pm | lanka C news
කොළඹ පාසැල් ගණනාවක් හමුදාවට ගනී.. රාජකීය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්,, මහානාම ඒ අතරයි.. ඉදිරියේදී තවත් ගනී..

ආරක්ෂක අංශ සෙබළුන් නවතා තබා ගැනීම සදහා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදාගෙන තිබේ.

හමුදා සාමාජිකයන් සදහා සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි ඉඩ පහසුකම් සැලසීම වෙනුවෙන් සුදුසු පාසැල් යොදා ගැනීමට නියමිතය.

රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩී එස් සේනානායක විද්‍යාලය, හින්දු විද්‍යාලය, බත්තරමුල්ල සුභූති විද්‍යාලය, කොටහේන මධ්‍ය විද්‍යාලය යන පාසල් මේ සඳහා යොදාගෙන ගැනීමට දැනටමත් කටයුතු කර තිබේ.

මෙම පාසල් නැවත දැනුම් දෙන තුරු හමුදාව නවාතැන් පහසුකම් සඳහා යොදවාගෙන ඇත.

අවශ්‍යතාවය මත තවත් පාසැල් ඉදිරියේදී යොදාගැනීමට නියමිතව තිබේ.

523 views

59 Comments to “කොළඹ පාසැල් ගණනාවක් හමුදාවට ගනී.. රාජකීය, තර්ස්ටන් විද්‍යාලය, ඩී.එස්,, මහානාම ඒ අතරයි.. ඉදිරියේදී තවත් ගනී..”

  1. Siri says:

    කොරෝනා ඩියුටි වලට දාල හිටපු අයව කොරෝනා ටෙස්ට් කරන් නැතුව නිවාඩු දීල ගමේ යවපු නිලධාරීන්ට දෙන්න හොඳ වසරේ සම්මානය මොකක්ද?

  2. අමරපාල නන්දසිරි says:

    කීල්ස් වැනි සුපර් මාර්කට් කරන නින්දිතවූ ගසාකෑම ගැන දුරකථනයෙන් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කිරීමේදී ඉතා විශාල ලෙස බොරු ගණන් අය කරමින් අපව සූරා කනු ලබයි… පැලවත්තේ රත්නායක මාවත අසල ඇති කීල්ස් ආයතනයෙන් ඇණවුම් කළ පරිප්පු කිලෝවක් ඵම අසුරණයේ මිල සඳහන් ලේබලයේ රුපියල් හැටපහක් යනුවෙන් තිබියදී අවසාන බිලෙහි ඵය රුපියල් 135 කී සහ සැමන් සඳහා සම්මතවූ මිළක් තිබියදී ඵක සැමන් ටින් ඵකක් රුපියල් 192 බැගින් විකුණමින් පාරිභෝගිකයා ඉතා නින්දිත ලෙස ගසා කයි. මෙම තත්වය බොහෝ කීල්ස් සහ සෙසු සුපර් මාර්කට් වලද ඵකසේ සිදුකරමින් පවතී වගකිවයුතු බලධාරීන් වහා මේ ගැන අවධානය යොමුකල යුතුවේ…..

    • ජනක says:

      නන්දෙ මෙච්චර දවස් කොරෝන හැදිලද හිටියේ.
      සමන් පරිප්පු අඩුකලේ දැන් කාලෙකට උඩනේ.
      දැන් ඒවායේ මිලගණන් වැඩියි.

    • ටොයිබයියා says:

      මේ අවුඅස්සේ කඩන මී වලිනුත් ඇත ලෙවකන්ට විතරද කියන්නේ?

  3. Hemantha says:

    මේ දාලා තියෙන කමෙන්ට්ස් ඔක්කොම බලනකොට හරියට දුක හිතෙනවා. මේක ජාතියටම ව්‍යසනයක් වෙච්ච වෙලාවක් මොන මොන පක්ෂ භේද තිබුනත් ඒවා ඉස්සරහට අරං වැඩ කරන වෙලාවක් නෙමෙයි .මනුස්ස කම ඉස්සරහින් තියාගෙන හැමෝම මොලේ පාවිච්චි කරල මනුෂ්‍යයෝ මැරෙන්නෙ නැතුව ජීවත් කරන්න දරන උත්සාහයට සහයෝගය දෙන්න ඕනේ .ඇයි අපි පක්ෂ පාට වලට කලින් මනුස්සකම ඉස්සරහිං තියා ගන්නෙ නැත්තෙ.

Main News