කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

June 28, 2022 at 8:40 am | lanka C news
කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..

කොළඹ නගරයේ සියලු මාර්ග මේ වන විට පාළු ස්වභාවයක් ගෙන තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම රට නොනිල මට්ටමේ වසා දැමීමට ලක්ව තිබේ.

ඉන්ධන නොමැති කම හේතුවෙන් පුද්ගලික වාහන මාර්ගයට එක්වීම ඉතා අඩු වී ඇති අතර පොදු ප‍්‍රවාහන සේවානද්ද පූර්ණ ලෙස ක‍්‍රියාත්මක නොවේ.

රට පුරා ප්‍රධාන නගර මෙන්ම මහා මාර්ගවලද මේ ආකාරයෙන් වාහන විශාල වශයෙන් අඩුවී තිබේ.

අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය 50% කට වඩා අඩු මට්ටමකට පහත බැස ඇත.

රජය නිවේදනය කර ඇත්තේ ජූලි 10 තෙක් රට තුල ක‍්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේව පමණක් යයි වුවද මීලග ඉන්ධන තොගයක් මෙරටට පැමිණෙන තෙක් මෙම තත්වය පැවතෙනු ඇත.

ඉන්ධන නැවක් ඇණැවුම් කර මෙරටට ගෙන්වීමට අවම දින 08ක කාලයක් ගතවන අතර පවතින ලෝක තත්වය සමග ඒ ආකාරයෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැක.

78,651 views

5 Comments to “කොළඹ පාළුවට යයි.. ඉන්ධන නෑ..”

  1. Pronto says:

    “Loka thathwaya anuwa Indana labagatha noheka” yannen adahas kara ethi de therum gatha noheka! Karnakara eya pehedili karanna.

  2. jayasanka pradeep says:

    බොහොම හොද දෙයක්.පරිසර දූසනය අඩුයි ශබ්ද දූසනය අඩුයි….ඉතාමත් නිවැරදි ක්‍රියාවක් තමා ජනපති දුන් අරගෙන් තියෙන්නෙ….ලෝකයේ පරිසර දූෂනය එන්න එන්නම වැඩි වෙන කොට මෙවන් දෙයකට යාම අප ලද භාග්‍යයක්

  3. lotus says:

    යූරියා පොහොර
    සපුගස්කන්ද පිරිපහදුව ආසන්නයේ අක්කර 200 ක භූමි ප්‍රදේශයක මෙම සංස්ථාව පිහිටා තිබූ බවත්, වායුගෝලයෙන් නයිට්‍රජන් ලබාගෙන, කාබන් දාමයෙන් හයිඩ්‍රජන් ලබාගෙන, පිරිපහදුවෙන් නිපදවෙන නැප්තා ලබාගෙන මෙම යන්ත්‍රාගාරයේදී යූරියා පොහොර නිපදවා ඇත. මෙම යන්ත්‍රාගාරයෙන් නිපදවන ලද යූරියා පොහොර මිටියක් 90 දශකයේදී මෙරට වෙළෙඳපොළේ අලෙවි කර ඇත්තේ රුපියල් 150 ක් වැනි මිලකටය.
    එක්දහස් නවසිය අසූ ගණන්වල ඉතා හොඳින් ක්‍රියාකාරී මට්ටමක පැවැති මෙම යන්ත්‍රාගාරයේ නිෂ්පාදන ධාරිතාව වැඩි බව පවසමින් පසුකාලීනව වසා දමා තිබේ. මේ හේතුවෙන් එහි යන්ත්‍ර සූත්‍ර ක්‍රමයෙන් දිරායමින් පැවැති අතර, පසුකාලීනව එය පරණ යකඩවලට යන්ත්‍රාගාරය පිටින්ම ඩුබායි රටට අලෙවි කර ඇත.

  4. මහජනයා says:

    අපේ රටේ තෙල් ඇමති ශ්‍රී ලාංකීය වාර්ථා රැසකට උරුමකම් කියන දක්ෂ අමාත්‍යවරයෙක්. ලංකාවේ දිගම තෙල් පෝලිම් නිර්මාණය කලේ මෙතුමා. වැඩිම අගයකින් තෙල් මිල ඉහල දැමුවේ මෙතුමා. රටේ ජනතාවට තෙල් දෙන්න විදිහක් නෑ තෙල් දෙන්න වෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට විතරයි කියලා ජනතාවට තෙල් අහිමි කලේ මෙුතමා. ලක් ඉතිහාසයේ දක්ෂතම තෙල් ඇමතිවරයා ඔහුයි. මේ දවස්වල ඔහු තෙල් හොයාගෙන කටාර් ගිහිල්ලා. තෙල් නැත්තටම නැතිවෙනකම්ම් හිටියා මිනිහා කටාර්වලින් තෙල් ඉල්ලන්න. බලන්න ඔහුගේ කලමනාකරණය. අද්විතීයයි. ඔහුගේ ගුරුතුම්න වන කාක බැරිසිල් රාජපක්ෂයන්ට නොදෙවෙනි ඒකෙක්

  5. Gamarala says:

    කොළඹ කොටුවේ බළල් මසුත් ගිණි ගණන් වුණා( පැරණි කියමනක්)

Main News