කොළඹ පුද්ගලික රෝහලක් කොරෝනා බෝ කරයි…

November 9, 2020 at 10:01 am | lanka C news
කොළඹ පුද්ගලික රෝහලක් කොරෝනා බෝ කරයි…

– Aruna

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙරේදා (7) රාත්‍රියේ කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණි පුද්ගලයකුගේ පී.සී.ආර්. පරීක්ෂණයක් කර ඇති එම රෝහල ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව පවසමින් එම තැනැත්තාගේ තනියට ගිය දියණියද සමගින් ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

එම රෝහලේම ගිලන් රථයකින් මැදියම් රැයේ පියා සහ දියණිය නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර පසුව ගිලන් රියේ ගාස්තුවද රෝගියාගෙන් ඉල්ලා ඇත. දියණියගේ කිසිදු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු නොකර තමන් සමග ඇය ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීම වරදක් බව පවසන මෙම පුද්ගලයා ඇඳ සිටින ඇඳුම හැරෙන්නට තමාට දියණියට අමතරව ඇඳුම් හෝ වෙනත් අත්‍යවශ්‍ය දේවල් කිසිවක් නොමැතිව දැඩි අපහසු තත්ත්වයකින් පසුවන බවද කීය.

වෛද්‍ය පරීක්ෂණය වෙනුවෙන්ද තමන් අදාළ රෝහලට මුදල් ගෙවා ඇති මුත් එම පරීක්ෂණය ද සිදු නොකළ බව මෙම සිද්ධියට මුහුණ දුන් මොරටුවේ සමින්ද ප්‍රනාන්දු නමැත්තා පැවැසුවේය.

‘‘හෘදයාබාධයක් නිසා මීට දින කීපයකට කලින් කළුබෝවිල රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාත්තා. සුවවූ පසුව රෝහලෙන් පිටත් කර හැරියා. ඉන්පස්සේ එන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයකට පෙරේදා ද මේ පෞද්ගලික රෝහලට ඇතුළත් වුණා. තනියට දුව හිටියා. එයාගේ වයස අවුරුදු 23 යි. මම මුලින්ම රුපියල් පනස්දාහක් ගෙව්වා.

මුදල් ගෙවූ පසු පළමුව ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණයක් කළා. ඒ අනුව මා ​කොවිඩ් ආසාදිතයකු බව කියමින් අදාළ වෛද්‍ය පරීක්ෂණය සිදු නොකර ඒ අයගේම ගිලන් රථයකින් මහ රෑ ඉරණවිලට ගෙනාවේ කිසිම පරීක්ෂණයකට ලක් නොකළ මගේ දුවත් එක්කමයි. අපිට අඳින්න ඇඳුමක් නැහැ, දත කට මැදගන්න විදිහක් නෑ.

මම කිව්වා දුව ගෙදර යවන්න කියලා. එහෙම බෑ දෙන්නම යන්න ඕනේ කියලා මම ගෙවපු සල්ලිවලින් රුපියල් 20,000 ක් ආපසු දුන්නා. ගිලන් රථයට රුපියල් 7,000 ක් ඉල්ලුවා. මම බැහැ කිව්වා. දැන් කිසිම ලෙඩක් නැති දුව කොවිඩ් ආසාදිත අය එක්ක මෙහේ ඉන්නවා. මගේ තවත් පී.සී.ආර් පරීක්ෂණයක් කරලා බලලා නිදහස් කරන්නම් කියලා ඉරණවිල බලධාරීන් කියනවා.

මේ ගැන මගේ ලොකු දුව අදාළ රෝහලෙන් ඊයේ විමසද්දී ඔවුන් කියා තිබෙන්නේ අපට ඩිස්චාජ් වෙලා යන්න කිව්වා කියලලු. එහෙම කිව්වේ නෑ. මාවයි, දුවවයි කාමරේට දාලා එළියට යන්න නොදී තියා ගත්තා’’ යැයිද සමින්ද ප්‍රනාන්දු කීවේය.

අජිත් අලහකෝන්
– aruna

118,117 views

12 Comments to “කොළඹ පුද්ගලික රෝහලක් කොරෝනා බෝ කරයි…”

  1. කොල්ලා says:

    ledage nama gama wayasa apita adala ne. apita adala hospital eke nama.eekata nogihin inna. kondak nedda hospital eke nama kiyanna

    • සිසිල් සුදේශ් says:

      කතාව ඇත්ත. ලෙඩාගෙ නම නොදමා රෝහලේ නම දමන්න තිබුණේ. මිටි තැනින් වතුර බහිනවා වගේ වැඩක්.

  2. Mr එච් යු කන්නා says:

    මේ වගේ ප්‍රයිවේටී හොස්පිටල් වල ඉන්නේ තනිකරම මස් කඩ කාරයො. මේවගෙන් වරප්‍රසාද අරන් ශැයාර්ස් තියං ඉන්න ලොකු දේශපාලුවෝ කවදාවත් මේ දේවල් වෙනස් කරන්න දෙන්නේ නැහැ. එක නිසා මේ සියලු පෞද්ගලික රෝහල් ස්වාධීන නියාමන කොමිෂන් සභාවක් යටතට ගත යුතුයි.
    අනිත් එක තමයි ඔය වගේ පර්ක්ෂනයකට යනකොට මීට පස්සේ හොඳට කැපෙන තඩි මන්නයක් බෑග් එකේ දාගෙන යන්න ඕන. උන්නත් දාහයි මලත් දාහයි කියලා එකෙක් ව කෑලි කරානම් ඔක්කොම ඉස්පිරිතාල නිකම්ම නියාමනය වෙයි.
    අනිත් එක තමන්ගේ කැමැත්තක් නැතුව කිසිම ටෙස්ට් එකක් කරන්න බැහැ, එහෙම කරලා සල්ලි ගන්නයු බැහැ.

    • Jagath Hettiarachchi says:

      ඔබ කී කරුණු තුන ම හරි.
      හරියට ම හරි

  3. Sudantha says:

    කරුණාකරල පෞද්ගලික රෝහලේනම සදහන් කරන්න.මේ වගෙ අසාධාරණ වලට රජය ගන්නා පියවර මොකක්ද?

  4. SL says:

    මේකෙන්ම පෙනෙනවා රටේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවයේ අගය ,
    හැමදේම පුද්ගලික උනහම ලාභ විතරයි හොයන්නේ

    හැමෝම කියනවා රාජ්‍ය සේවයේ ඉන්න දොස්තරලා /නර්ස් ල සැරයි කියල ,හැබැයි ඔලුව අතගාල ඕනෙම නැති ටෙස්ට් ගොඩක් කරවල බිල උඩ දාල ලෙඩා නොමරා මරණ පුදලික අංශයේ දොස්තරලා/නර්ස්ල සල්ලි වලට මිල කරන හිනාවට හැමෝම කැමතියි

    ආසිරි /නවලෝක නම් බෙහෙත් ගන්න එන ලීදුන්ගේනුත් පාර්කින්ග් ගන්නවා .පැය 1.විනාඩි 1 ගියත් පැය දෙකකට ගන්නවා

  5. Mr. Positive says:

    Mang hithanne nama roahale nama kiyan nethhe thambiyek ge nethi Hinda Wenda aethi

  6. Niroshan says:

    පසුගිය කාලය පුරාවටම නාරහේන්පිට පුද්ගලික
    රෝහලක් බව පමණක් සදහන් කරමින් මෙවැනි
    සමාජ අසාධාරණ රාශියක් ජනමාධ්‍ය මගින්
    ප්‍රසිද්ධ කරනු ලැබුවත් එහි නම සදහන් නොකිරීම
    මගින් මූළු මහත් සමාජයටම බලවත් අසාධාරණයක් සිදුවෙම්න් පවතිනවා.කරුණාකර
    එම රෝහලේ නම ප්‍රසිද්ධ කරන්න…

  7. bombili says:

    Narahenpita – there is a big private hospital Asiri???

  8. Sam says:

    Leda kiwwa hamadhema dhamma hospital eke nama nathuwa.ehema kale kage yahapathatadha? Kondhak nathi ponnayek

  9. gamarala says:

    පෞද්ගලික රෝහල මේ ක‍රන්නේ කුමන්ත්‍රණයක් ප්‍රවේසම් විය යුතුය

  10. sanjeewa Athauda says:

    dear president sir,,

    please take disciplinary action for this case…this should not happens again to any one…we are waiting for you early Action sir,,,

    sanjeewa

Main News