කොළඹ පුරා වෛසය වේගයෙන් පැතිරෙනවා.. මූලාශ‍්‍රයක් නැති කොරෝනා උප පොකුරු රට පුරා.. සමාජගත වී නැතැයි කියුවත් සත්‍ය මෙයයි..- PHI සංගමය කියයි..

December 13, 2020 at 10:40 am | lanka C news
කොළඹ පුරා වෛසය වේගයෙන් පැතිරෙනවා.. මූලාශ‍්‍රයක් නැති කොරෝනා උප පොකුරු රට පුරා.. සමාජගත වී නැතැයි කියුවත් සත්‍ය මෙයයි..- PHI සංගමය කියයි..

අද වන විට ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

මූලාශ‍්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තා වෙමින් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇතැයිද ඒ මහතා පැවසීය.

කොරෝනා ආසාදිතයන් වාර්තා වීම පෙර පරිදිම සිදුවන බවත් පැවසූ ඔහු වසංගත රෝග විද්‍යාඥයන්, විශේෂඥ වෛද්‍යවරුන් වෛරසය සමාජ ගත වී නැතැයි පැවසුවද සත්‍ය තත්වය මෙය බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

15,554 views

4 Comments to “කොළඹ පුරා වෛසය වේගයෙන් පැතිරෙනවා.. මූලාශ‍්‍රයක් නැති කොරෝනා උප පොකුරු රට පුරා.. සමාජගත වී නැතැයි කියුවත් සත්‍ය මෙයයි..- PHI සංගමය කියයි..”

  1. රන්වල says:

    පොකුරු නොව කැරලි ලෙස කොරෝනා ආවත් අප බිය විය යුතුද ?එහෙන් දම්මික පැණිය මෙහෙන් රාවණා පැණිය අහරෙන් තරන්ගා නෝනාගේ පැණිය මේ සියල්ලට උඩින් ඒලියන්තගේ විස්ව සත්තිය.කොරෝනා මට්ටු වෙන්නෙ ලන්කාවෙන් තමා.හැම පුරවැසියෙක්ම වෙදෙක් ජීවකයෙක් වෙන කාලයක් එලැබෙන බැවු පැවසූ කැලණි නාගයා කොහේ හෝ සිට බලා සිටීවි.

  2. ක්‍රිමිනල් says:

    සම “හරක්” හිතන්නේ බෛලා ගහලා , පම්පෝරී ,කෛයිවාරූ ගහලා , පැනිය පොවලා කොවිඩ්19 මර්ධනය කරන්න පුලුවන් කියලා , ආසාධිතයන් එන්න එන්නම වැඩි වෙනවා , පාලනයෙන් ගිලිහිලා , ඉස්සරහට එන්නේ උත්සව සමය , රජයට සහ ජහමනයට වගකීමක් තියෙනවා මිත්‍යාව පැත්තකට දාලා , සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේදයන්ට අනුකූලව ඉස්සරහට ජිවත් වෙන්න , පැනි ගන්න ,රෙදි ගන්න පොලීමේ ගිහිල්ලා ,පාටි දාලා ෆන් අරං රට වලපල්ලට අරින්නැතුව පෙර සුදනමකින් ජිවත් වෙයල්ලා.

  3. Gamunu says:

    Rajitha ge golabalayo ,Rajithata Kade Yanawa. Ubala hitaninee consultant lata wada ubala dannawa kiyalada.

    • තොගේ consultant ට අනුව සමාජ ගතවී නැත. එහෙත් පසුගිය දිනවල නිවෙස් වල හදිස්සියේ මියගිය අයගේ pcr අනුව covid නිසා මියගිය බව තහවුරු කර තිබුනි. ඔවුන් covid ආසාදිතයින් බවට මියයන තෙක් හදුනාගෙන නොතිබිණි . ඔබේ consultant ට අනුව එය සමාජගතවීම නොවේ නම් බයි ගතවීම විය යුතුය

Main News