කොළඹ ප‍්‍රධාන පුද්ගලික රෝහල් කොරෝනා යයි සැක රෝගීන් පන්නා දමයි.. රජයේ රෝහල් සරණ පමණයි..

March 22, 2020 at 10:32 pm | lanka C news
කොළඹ ප‍්‍රධාන පුද්ගලික රෝහල් කොරෝනා යයි සැක රෝගීන් පන්නා දමයි.. රජයේ රෝහල් සරණ පමණයි..

කොරෝනා වෛරසය ආසාදනය වී යැයි සැක සහිත කිසිදු පුද්ගලයෙකු ප‍්‍රතිකාර සදමා භාර නොගැනීමට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් සියල්ලම පාහේ තීරණය කර ඇත.

එම රෝහල්වල පාලනාධිකාරින් විසින් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයවලට දැනුම්දී ඇත්තේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති කිසිදු රෝගියකු රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා ඇතුළු කර නොගන්නා ලෙසයි.

එවන් රෝග ලක්ෂණ සහිත ඕනෑම අයෙකු බාහිර රෝගී අංශය හරහා කුමන හෝ ඖෂධ කිහිපයක් ලබාදී පිටත් කර යවන ලෙස නිල වශයෙන්ම දැනුම්දී ඇත.

මෙය රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ලද පියවරක් යයි එක් රෝහලක ප‍්‍රකාශකයෙක් අප වෙත සඳහන් කළේය.

ඒ අනුව දැනටමත් කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සහිත කිසිදු පුද්ගලයෙකු එම රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා නවත්වා නොගනී.

ඇතැම් පුද්ගලික රෝහල් විසින් එවන් පුද්ගලයන් සදහා උපදෙස් දී ඇත්තේ කොළඹ ජාතික රෝහල හෝ උණ රෝහල වෙත යන ලෙසයි.

58,870 Viewers

10 Comments to “කොළඹ ප‍්‍රධාන පුද්ගලික රෝහල් කොරෝනා යයි සැක රෝගීන් පන්නා දමයි.. රජයේ රෝහල් සරණ පමණයි..”

  1. kanishka Tissa says:

    Ugly Capitalism at its best!

  2. MD says:

    දුවපිය…දුවපිය….දුවපිය..මේ පැත්ත පලාතේ එන්න එපා.කෝරෝනා හොඳ වුනාට පස්සෙ ඵන්න.හා..හා හු…

  3. Don kannangara says:

    Anthimata GOMA pihita tamay

  4. Dilini says:

    Sobane penwanna owata giyata anthimata pana adinakota pihitata ithuruwenne rajaye rohal thamai.

  5. Rajarathna says:

    Can you imagine their true attitude ?
    Are they genuine patient friendly institutions ?
    PEOPLE PLEASE DONT GO TO THESE UN HUMANE BUSINESS HERE AFTER FOR ANY ILLNESS, LET THEM DRY WITHOUT YOU !
    Shame On You !
    I can remember once they kept a dead body in one of their hospitals because of an arrears in the million level paid bill,” Minee Kaakkoo”

  6. පොෂ් කියල ගියාට අසාද්‍ය උනහම කවදත් රජයේ රෝහල තමයි පිහිටට.. බිල ගෙවන්න පුලුවන් සීමාව පැන්න ගමන් පාරට..

  7. sanasuma says:

    ආහාර තොග කොපමණ තිබුනත් ඒවා මහජනයාට ආරක්ෂිතව ලැබෙන කාර්යක්ෂම විධියක් තිබිය යුතුයි. වහාම මේ සඳහා උනන්දු වෙන්න. ඇඳිරි නීතිය අවසන් වීමෙන් පස්සේ භාන්ඩ ගන්න තියෙන්නේ ටික කාලයයි. මේ නිසා භාන්ඩ වර්ග කීපයක් බැගින් ඇති පාර්සල් වර්ග කීපයක් මිල සමඟ මහජනයාට පෙනෙන්න සලස්වා මුදල් ගන්න වගේ විධියක් යොදන්න. රටපුරා ආරක්ෂිතව ජංගම භාණ්ඩ පාර්සල් බෙදීම ඉතා වැදගත් වේවි. භාණ්ඩ ගෙන්වාගත හැකි දුරකථන අංක නගර අනුව ටී.වී.
    රේඩියෝ වලින් නිරන්තරයෙන් ලබා දෙන්න.

    • RATA WESIYO says:

      The people in our motherland have well observed the difference between profit oriented private services and service intended public service. Simplest example is the bus service
      in the night after about 7pm.

  8. Banda says:

    එන්න අපි රජයේ රෝහල් පෞද්ගලික කරමු.

  9. PA says:

    No,

    It is not the failure of private hospitals.

    this is because government insists the proper epidemiological follow up is needed and advised private hospitals not to test such patients…

    One hospital that admitted one such patient was given an official warning not to do so as patients tried abusing the system….

Main News