කොළඹ-බදුල්ල සති අන්ත දුම්රියට සංචාරකයන්ගෙන් අධි ඉල්ලුමක්…

August 14, 2022 at 2:03 am | lanka C news
කොළඹ-බදුල්ල සති අන්ත දුම්රියට සංචාරකයන්ගෙන් අධි ඉල්ලුමක්…

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සති අන්තයේ ධාවනය කරන 1041 විශේෂ සිඝ්‍රගාමි දුම්රියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

සති අන්තයේ අලුයම 5.30 ට ගමන් ආරම්භ කරන 1041 විශේෂ සිඝ්‍රගාමි දුම්රිය එදින පස්වරු 3.45 බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ළගා වනු ඇත.

එම දුම්රිය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශවල දුම්රිය ස්ථාන වල පමණක් නතර කරන අතර, හැටන් සිට බදුල්ල දක්වා පිහිටි දිය ඇලි සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වල ගමන් ගන්නා මගින්ට එම ස්ථාන නැරඹිමට සහ ඡායාරුප ගැනිමට දුම්රිය විනාඩි 10 ක පමණ කාලයක් නතර කර තැබිමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

එම දුම්රියට පළමු පන්තියේ මැදිරි දෙකක් , දෙවන පන්තියේ මැදිරි දෙකක් , තුන්වන පන්තියේ මැදිරි දෙකකින් සහ භෝජනාගාරයකින් සමන්විතය.

එම දුම්රියෙන් ගමන් කිරිමට ආසන කලින් වෙන් කරගත යුතු අතර, එසේ ආසන වෙන් කරගත් මගින් පමණක් දුම්රියෙන් ගමන් කරන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

සති අන්තයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන සිඝ්‍රගාමි දුම්රිය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් මගි ප්‍රවාහන දුම්රියන්ට කිසිදු බාධාවක් නොවන බව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

47,623 views

6 Comments to “කොළඹ-බදුල්ල සති අන්ත දුම්රියට සංචාරකයන්ගෙන් අධි ඉල්ලුමක්…”

  1. Bandaranaike says:

    Very good initiative. High time to improve the railway tracks and the stations as well

  2. Helaya says:

    ඇයි මේ වගේ දුම්රිය ගමන් තව ආරම්භ කරන්නේ නැත්තේ, නුවරට, යාපනේට, මාතරට , trinco වලට, අනුරාධපුරයාට?

  3. Sandun Dhammika says:

    We should give discounts to who work in US military, GIJOE forces and CIA.
    United States of Sri Lanka is so concern about their servicemen.
    We should be proud to provide a precious vacation to our hard-working US servicemen who sacrifice themselves to protect the human freedom and liberty.

  4. Sampath says:

    කොහොමඩ මෙකේ අසන වෙන් කරගන්න්‍? නරකඩ එ විස්තරත් ඩම්මානම්?

  5. පබිලිස් says:

    හොඳ වෙඩක්,

  6. Kumar says:

    We should start another semi luxury bus service using the express highways and have intermediate stops.
    For example an express highway bus from Fort to Katunayake airport must be stopped at Ja-Ela for commuters.
    The highways facility is not fully utilized and no innovative plans to earn as well as serving more citizens who pay taxes.