කොළඹ බැංකුවක් ඉදිරියේ පුද්ගලයෙක් ගිනි තබා ගනී…

September 8, 2021 at 4:40 pm | lanka C news
කොළඹ බැංකුවක් ඉදිරියේ පුද්ගලයෙක් ගිනි තබා ගනී…

කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසලදී ඊයේ (7 දා) සවස පුද්ගලයකු සිය සිරුරට ගිනි තබාගෙන ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත.

මෙලෙස ගිනි තබාගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට කටයුතු කරන බවත් රෝහල්ගත කළ එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බවත් කුඳුරුවත්ත පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම පුද්ගලයා කුමන හේතුවකට සිය ශරීරයට ගිනි තබා ගත්තේ දැයි මෙතෙක් හෙළිව නොමැති අතර ඔහු මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයකු විය හැකි යැයි පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.

සුජීව තත්සර
– divaina

57,812 views

9 Comments to “කොළඹ බැංකුවක් ඉදිරියේ පුද්ගලයෙක් ගිනි තබා ගනී…”

  1. 3% ට බය බයියා. says:

    ණය ගෙවා ගන්න බැරුව ද?

  2. කැලණියේ නයා says:

    මේවගේ සියදිවි නසා ගැනීම් සෑහෙන වැඩි වෙන කාලයක් මේක එක පැත්තකින් මරබිය අනික් පැත්තෙන් ණය බර ජීවන වියදම ඒ ඔක්කොටම වඩා කොරෝනා නිසා ඇතිවූ මානසික පීඩනය .ලන්කාවෙ ජන මාධ්‍ය යූ ටියුබ් කාරයො කරන්න ඕනි තෙල් වෙද්දු හොර ආචාරියො කුප්ප දේසපාලුවො දූසිත පූජකයො ප්‍රමෝට් කරන වෙලේ මේ මිනිස්සුන්ගෙ කැඩුනු බිදුනු හිත් හැදෙන විදිහෙ වැඩසටහන් උපදේශන සේවා දෙන එක .වැටුනු ආර්තිකේ ගොඩනගා ගන්න හැටි ගැන උප්දේශන වැඩසටහන් කරන එක කොහෙද මේ රටේ ගොබ්බ බයින්ටම ගැලපෙන්න උන්ගෙ මීඩියා

  3. චන්ඩි කොල්ලා says:

    මූණ සතපහේ හැඩේ? එහෙම නැත්නම් ලපයක් තිබුනද? ඔය ජාතියේ මූණවල් තියෙන පොරවල් දෙක මේ දවස්වල ඉන්නේ මන්ද මානසික තත්වයෙන් තමය.

    • Vidhura says:

      උඹ මෝඩයෙක් උනාට ඒක ප්‍රදර්ශනය කරන්න යන්න එපා හරකෝ. වහල් වැඩේ කරගෙන හිටපන්.

      • චන්ඩි කොල්ලා says:

        හා මේ උඹ කියනකම් හිටියේ ලපයට පුප දෙන සමනලයා!

  4. මනිපිට්ටුවා says:

    මහබැංකුඅධිපතිට කැබිනට් බලතල දුන්නනම් මේවා වෙන්නෙ නෑ…

  5. ගෞම් ඊයාරාජ් says:

    හෙට අනිද්දට උම්මාද ගොං බෛයන්ට නව යුගයක් උදා වෙනවා , අති උතුම් හෙජින්, බැදුම්කර,ග්‍රීක් බොන්ඩ් පිරමිඩ්, බොරු දත්ත වලින් අගතැන්පත් අති උතිම් කබ්බරාල් මැතිතුමා සල්ලි ස්ටෝරූවේ ජෙනරාල් තැන්පත් වෙනවා , වාසනාවන්ත කාලයට ශුභ ලකුණු පෙන්වූ කැළණීයේ බෝතල් කල නාගරාජයා පෙනුවූ ශුභ කාලය මෙන් , සලකුනක් කොළඹ හතෙන් පෙන්වා ඇත. මුළු රටටම ශුභ කාලයක් ! රතු නූල් මැණියන්ගේ පිහිටෙන්.

  6. dot says:

    A fragile human being .so sad he was driven to despair ..lost in the world of today.The world driven by anxiety and fear of a nasty virus that is making some people avarice and making most of the moment for to amass wealth while others are lost and fragile .

Main News