කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට..?

June 26, 2020 at 1:20 pm | lanka C news
කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට..?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මහ මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන්ම ඉන්දියාවට ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා වරාය පොදු සේවක සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පෙන්වා දෙන්නේ කොළඹ වරායේ ජයබහලු පර්යන්තයට ගෙන්වන ලද නව දොඹකර ඊට ඇතුළු නොකර නැගෙනහිර පර්යන්තයට ඇතුළු කිරීමට සැරසෙන්නේ එම හේතුව නිසා බවයි.

මෙම ක‍්‍රියාවලියට විරුද්දව තම සංගමය විසින් නඩු දැමීමට කටයුතු කර ඇති බවත් එම නඩුව නැවතත් ජූනි මාසයේදී කැඳවීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

මෙම පර්යන්තය ඉන්දියාවට ලබා දෙන සඳහා ඉන්දියාව විසින් බලපෑම් කරමින් ඇති බවත් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට යන්නේ ඩොලර් මිලියන අසූවක පමණක් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් කොමිස්වලට ලැදි පාලකයන් විසින් ජාතික සම්පත් විකුණා දමමින් සිටින බව ද ඔහු තව දුරටත් කියා සිටියේය

382 views

22 Comments to “කොළඹ වරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට..?”

  1. purawasi says:

    Ara mulin coment karapu kanthara palagatita marshal 20 gahanna.uge keruwawa iwarai.

  2. Sun says:

    I cannot these foolish politicians. They do not have principles. They want to sell something and fill the pockets, if not steal money from the central bank.What has happened to all these stolen money. What is the purpose. Just to fill the stomach. They are all like mad dogs running around with their blank heads,

  3. sinhale le says:

    අපේ රටේ බිම් අගලක්වත් මින් ඉදිරියට කිසිම රටකට නොදිය යුතුය අපේ දේ දිවිහිමියෙන් රැකගමු.