කොළඹ වරායේ බෝයාව කැඩුනේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වරදින්..

June 20, 2018 at 8:40 am | lanka C news
කොළඹ වරායේ බෝයාව කැඩුනේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වරදින්..

ඉකුත්දා කොළඹ වරායෙහි පිහිටි බෝයාවේ නළයෙහි කැඩී ගිය කොටස මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටී.

ඉදිරි දින දෙකේදී එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා සිටී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී මූලිකව අනාවරණය වී ඇත්තේ කැඩී ගිය නළය 2012 වසරේදී මිළදී ගෙන ඇති බවයි.

එකී මිලදී ගැනීම සිදු කිරීමේදී මතභේදයට තුඩුදිය හැකි කරුණු රැසක් සිදුව ඇතැයිද අදාල පරීක්ෂණයෙන් තවදුරටත් අනාවරණය වී තිබේ. එම පරීක්ෂණයේ අවසන් වාර්තාව මත ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව තවදුරටත් අවධාරණය කරන්නේ බෝයාවේ නළය කැඩී යාම මත රටතුළ ඉන්ධන බෙදා හැරීමට කිසිඳු ආකාරයක බාධාවක් නොවන බවත් එය සාමාන්‍ය පරිදා සිදුවන කෙරෙන බවත්ය.

– තමීර මංජු

49 views

4 Comments to “කොළඹ වරායේ බෝයාව කැඩුනේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වරදින්..”

  1. රනිල් says:

    මගේ අරක වැඩ කරන්නේ නැත්තේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වරදින් – රනිල් (නපුංසක)

  2. Saradiel says:

    ‘ආණ්ඩුව රටේ රාජ්‍ය සම්පත් විකුණමින් සිටිනවා. සියලු දේ කුණු කොල්ලයට බදු දෙනවා. රටේ ණය උගුලක් ඇති කළේ කවුද? යමපාලනය

  3. SUNIMAL says:

    බෙර ගහගෙන හොරනැ පිඹගෙන ජනවාරි 3වනදා කුලියාපිටියේ වොක්ස්වැගන් වාහන එක්කිරීමේ වැඩපොළක් සඳහායයි කියා සිරිසෙනයි රනිලුයි මුල්ගල් තැබුවේ තවත් ජනතාව රවට්ටන්ට කරපු මහාලොකු වන්චාවක්. මේ බොරු කාර වංචනිකයෝ කියනවා උන් මුල් ගල් තිබ්බේ රක්ෂාවල් 2500ක් ලබාදෙන ෆෝල්ක්ස්වැගන් කර්මාන්තශාලාවකට කියලයි. නමුත් කලේ සේනොක් කියන දෙමළ ජාතිකයෙකුට අයත් සමාගමක් සමග ලංකාවේ බිඔයි අතර ඇතිකරගත් ගිවිසුමක් වොක්ස්වැගන් වාහන එක්කිරීමේ වැඩපොළක් යයි කීම පමණයි.

    මේ ගිවිසුමට වොක්ස්වැගන් සමාගමේ කිසිම සම්බන්ධයක් නැති බවත් එම සමාගමට ලංකාවේ කර්මාන්ත ශාලාවක් විවුර්තුකිරීමේ කිසිම බලාපොරොත්තුවක් තාමත් නැතිබවත් ජර්මන් තානාපති කාර්යාලය සඳහන්කර ඇතිබැව් ප්‍රවුර්තිපත්තරවල සඳහන් කර ඇත. මුන් බලයට පැමුනුදා ඉඳලා කරන්නේ රටට විපත්තිකරන ජනතාවට අගහිගකම් ඇතිකිරීමයි. බලයට පැමුනුදා ඉඳලා කියන්නේ ජනතාව මුලාකරන අමු මූලික බොරු බේගල්. මුන් සම්මුති ආන්ඩුවක්, යහපාලනයක් කියල ගෙනයන්නේ ජනතාව රැවැටීමක්.

  4. john the baptice says:

    සිරිසේන වටා සිටින ශ්‍රීලංකා නිදහස්පක්ෂයට ආදරයක් කෙසේවෙතත් කැමැත්තක් තියෙන වුන් ආත්මගෞරවයක් කියල එකක තියෙනවානම් සිරිසේනගෙන් වෙන්වී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකයත්වයෙන් පෙනීසිටින එක්සත් විපක්ෂයත් සමග එක් විය යුතු කාලය එළඹ තිබේ.

Main News