කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්

April 12, 2021 at 12:02 am | lanka C news
කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්

කොළඹ වරාය නගරය සදහා ගැසට් කර ඇති පනත මගින් තවත් ප්‍රාන්තයක් නැතහොත් තවත් රටක් බිහි වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එය තවත් ඊලමක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පත පැහැදිලිවම වෙනම රටක් බිහිකිරීම සඳහා වන උපක්‍රමයක් යයිද පවසන ඔහු එම පනත අනුව මෙම වරාය නගරය පාලනය කරන්නේ ජනාධිපති විසින් පත් කරන කොමිසමකින් යයිද පැවසීය.

වරාය නගරය සඳහා මුහුද ගොඩ කිරීමේ උවමනාවක් නොතිබූ බවද පැවසූ ඔහු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා පවතින ඉඩම් යොදාගැනීමේ හැකියාවක් තිබූ බවද සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

19,297 views

15 Comments to “කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්”

  1. මුංගේ නම මංඳගාමී මීහරක් කියලා දමමු මුං හැතිකොරේ වගේමයි JVP බුරැ මුසලයන් රැලම කොරන්නේ අනුන් ගේ කොන්තරාක්කු පමනයි<<<??????

    • ළිහිණි says:

      සම්බන්දන්ගේ කොටි ඩයස් පොරවේ බෙන්ස් කාර් එකකට උන්ගේ රුකඩ වී රට ට විරුද්ධව ඒකාලේ කඩේ ගිය මේ වසලයින් ගැන කවර කතාද ?
      එත් මේ කතාවේ ඇත්තක් නැත්තේම නැහැ ..චීන්නුන්ට අපේ රටේ ජාතික සම්පත් බදු දුන්නේ /විකුණුවේ මහින්ද තමයි එහි ආරම්භකයා ඔහු තමයි ”වසර 99 ගියාට පසු ජාතික කොඩියට තව පටියක් එකතු කරයි චීන සහජීවනය කියලා

    • JVP ඊබ්‍රහීම් නානා ගේ කන්‍යාවියෝ 72 says:

      මුහුද ගොඩ දමා සාදගත් භූමිය ස්වාභාවිකවම සෑදුන එකක් නොවන නිසා එයට ගැලපෙන නීතිරාමුවක් සකස් කිරීමට හැකි බව නූගත් මෝඩ මූසල ඝන්දබ්බ මිනීමරු කුහුක 3% ලප කුමාර වහලුන් හට කියාදෙන්න.

  2. Dengu Nona says:

    UNP kontharaath karana balu sipayiyo onama ekakata JVP kaarayinta baninawa!! Kaage hari bala mehewara karana meeharakek!!

Main News