කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි..

January 29, 2021 at 10:00 am | lanka C news
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානි සමූහ ව්‍යාපාරය සමග එක්ව සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළකර ඇතැයි, ඉන්දියාවේ අදානි සමූහය පිළිබඳව තොරතුරු පළකරන ‘අදානි වොච්’ (Adani Watch ) වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්.ජයශංකර් 2020 ජනවාරි 06වැනිදා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී මිට අදාළ එකඟතාවට පැමිණ ඇතැයිද එහි සඳහන්වේ. දැනට ඇනහිට ඇති පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික ව්‍යවසායක් හරහා සංවර්ධනය කිරීම මෙම එකඟතාවේ අරමුණ බවද එහි වාර්තා කර ඇත .කෙසේවෙතත් කොළඹ වරාය වෘත්තීය සමිති 23ක් ඒකාබද්ධව එම උත්සාහයට විරෝධය පළකර ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

“2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.කෙසේවෙතත් 2019 නොවැම්බරයේ නව රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් අනතුරුව, විදේශීය රටවලට ප්‍රදානය කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

කෙසේවෙතත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අදානි සමූහයට නැගෙනහිර පර්යන්තය පිරිනැමීම දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශවී ඇත. වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන විසින් මිට අදාළව අත්සන් කරන ලද කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කර ඇත.”යැයි ‘අදානි වොච්’ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

– aruna

100,731 views

14 Comments to “කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආදානි සමග එක්වෙයි.. ශ‍්‍රී ලංකා රජය එකගයි..- අදානි වෙබ් අඩවිය කියයි..”

  1. Yohan Niyomal Warnakulasooriya says:

    Give the link

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අදානි කියන්නෙ ධනපතියෙක්. අදානිගෙ බිස්නස් වලට ගිනි තියලා අදානි විනාශ කලොත් ඉන්දියාව දිවුණු වෙනවා.

      88/89 අපිත් ලන්කාවෙ හිටිය ධනපති ව්‍යාපාරිකයන් විනාශ කලා. ලන්කාකව ඉන්දියාවට වඩා දිවුනු වුනේ ඒ නිසය.

  2. Hudson says:

    Kaalakanni, mun lankawe henetama upan pawlak.

    • හැකහැක says:

      පොඩි අවුලක් ව‌ෙලා සර්ට..5 සහ1 මාරැ ව‌ෙලා.කලින් සියයට 51යි කිව්වේ 15ත් එක්ක පැටලිලා.ලංකාවට 15% යි කියලා නිවැරදි ව‌ෙන්න ඕනේ හොඳේ.

  3. kamal says:

    සබිරි හා විජේදාස සංසන්ධනයක්
    සබ්රි අවංකයි මිත්‍යාදෘෂ්ටිකයි. විජේදාස කපටි කුහකයි නමුත් ලෞකික සම්මා දෘෂ්ටිය තිබේ. සරණ සිලය තියෙන්නෙ විජේදාසට විතරයි සබ්රිට නැ. නමුත් මට කිවිය යුත්තෙ අවංක වි මිත්‍යාදෘෂ්ටි වනවාට වඩා කපටි කුහක වි සම්මා දෘෂ්ටික විම නැතිනම් සරණ සිලය යැම හොදයි. නමුත් වරදවා ගන්න එපා කපටි කමයි කුහක කමයි හොදයි කියා. නමුත් මිතයාදෘෂ්ටියට වඩා හොදයි.

  4. Sarath says:

    අපි බය නැහැ.රාවණා නැගිටවලා ඉන්නේ.දැන් සෑහෙන කලක් තිස්සේ රාවණා නැගිටලා YouTube එකෙන් එලියට පනින්න බලනවා.තාම බැරිවුණා.දැන් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ නියො නියො ඉදිවි….

  5. Purawesiya says:

    Will people accept and are you sure that the relevant minister prepared the cabinet paper?

  6. Sun says:

    Indians are the worst and cunning people in the world. We got caught in the trap due to our cunning administrators who were canvassing for the agreement as the are getting underhand money. They are not really professionals but type beggars running after money. In the decision making process we lost and got caught in the indian trap. So what to do. Our big idiots are got caught. Their heads are blank but greedy of money my dear friends.

    • baiya says:

      sahathika aththa. eka sarayak fb eken mama danna indiankarayo 3 denek lankawata awa research ekak karanna. awith sim ekak ganna narahenpita communication ekakata giya. gihin sim eka nogena thawa thawa kadawal gaane awidinna gaththa. mama mulma communication eke kollagen gihin ahuwa ai ara 3 dena sim eka nogena giye sim iwarada kiyala. mae kolla kiyapi sim nam thiyanawa. ekak 100 i kiyapu nisa eliyata giye kiyala. un thun dena kiuwala airport eke indan colombo ena bus eke kenek unta kiuwalu sim ekak rupiyal 50 i kiyala. rupiyal 50 sim eka hoya hoya mun thun dena mula narahenpita puraama awidda. malaperethayo.

    • Fernando says:

      They first sent Buddhism here..They knew if they keep this negative religion they cannot develop their country.First trap is that and we swallowed it. anithya anithya….kisi deyak karala wadak ne etc is the main theme there.

  7. චීනයේ ආර්ථික හා නාවික ක්ෂේත්‍රයේ ඇති ප්‍රවීණත්වයට , අලගු තැබීමටවත් ඉන්දියාවට නොහැක.
    චීනා නැගෙනහිර ජැටිය බල්ලට දමා , පොනිලාට ටොකු ඇන මාගම්පුර අත්පත්කරගත්තේ නුදුරේදී
    කොරෝනා සමනයවීමත් සමග ගෝලීය නාවික කළමනාකරණයේදී ලොවම කෙළ හලන වරායක්
    වන්නේ එයම බැවිනි. චීනාගේ දස්කම් හමුවේ මාගම්පුර ජයකෙහෙළි නං වද්දී ,ඉන්දියාවට ඉතිරිවන්නේ
    නිකම්ම නිකං වරාය ජැටියකට වී , ඔවුන් සැමදා කළ පරිදි ,ඇමෙරිකාව පකිස්ථානයට ලං වෙතැයි බියෙන්
    ඇමෙරිකාවට ඔත්තු සැපයීම පමණි.

  8. Dilansha says:

    Kalakanni anduwata hena gahanna ona. Pabayo denna elawala sinhayo denna gathe mekatada?nodakin junta kade yana untath henawadinna ona

Main News