කොළඹ වරාය පර්යන්තය විකුණන්නේ නෑ.. නමුත් ඉන්දියාව හෝ ඔ්නෑම රටක් සමග ආයෝජන කරනවා..

January 10, 2021 at 2:26 am | lanka C news
කොළඹ වරාය පර්යන්තය විකුණන්නේ නෑ.. නමුත් ඉන්දියාව හෝ ඔ්නෑම රටක් සමග ආයෝජන කරනවා..

ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව ලබා දෙන තීන්දුවට අපි එකග වෙන බවත් එම තීන්දුවට දේශපාලන මැදිහත්වීම් සිදු කළ නොහැකි බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ගාල්ල සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ජනවාරි 22 න් පස්සේ වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කරලා, වාණිජ ගුවන් යානාවලින් ලංකාවට පැමිණෙන පිරිස් සඳහා අවස්ථාව සලසා දෙනවා වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී තිබෙන මාර්ගෝපදේශ යටතේ ඔවුන් කැමති හෝටලයක නතර වෙලා ඊට අදාළ කටයුතු සුදානම් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලාංකිකයෝ 70,000 ක් විතර ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ අයට ජනවාරි 22 න් පස්සේ ඔවුන් කැමති ගුවන් යානයකින් ලංකාවට එන්න අවස්ථාව සලසා දීම අපේ අරමුණයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසාදීමේ කටයුතු සිදු කරමින් තිබෙනවා.

ඒ වගේම ලක්ෂ 30 ක් විතර සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ජනතාව වෙනුවෙන් සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම සඳහා නියමු ව්‍යාපෘතියක් විදියට යුක්රේන සංචාරකයෝ ගෙන්වීමේ වැඩපිළිවෙල සිදු කළා. මේකේ තියන අඩුපාඩු හදාගෙන ඉදිරියට මේ වැඩපිළිවෙල කොහොමද කරන්නෙ කියන අද්දැකීම ලබාගැනීම තමා මෙහි අරමුණ වුනේ.

අග්‍රාමාත්‍යතුමා පැහැදිළිව කියලා තියෙනවා කොළඹ වරාය දකුණු පර්යන්තය විකුණන්නේ හෝ කාටවත් පවරන්නෙ නැහැ කියලා. අයෝජන ගැන අපි සලකලා බලනවා. ඒක ඉන්දියාව නේමේ ඕනේම රටක් එක්ක කරනවා. අපේ රටට හිතකර ආයෝජන ගැන පමණයි අපි සලකලා බලන්නේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි යන ස්ථාවරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා. මොකද දැනට පළාත් සභා පවතින නිතී රාමුවේ පවතින දෙයක්. ඒ නිසා ඒක ඉක්මනින් තියලා අදාල මහජන නියෝජිතයින්ට පත්වීමට අවස්ථාව දෙන්න ඕනේ. ජනතාව තීරණය කරයි කවුද යවන්නෙ කියලා.

පසුගිය යහපාලන රජය දේශපාලන දඩයමක නිතර වුනා. ඒයාලට ඕන ඕන අය විවිධ චෝදනා ඉදිරිපත්කරලා අධිකරණයට දාලා රිමාන්ඩ් කළා. පොලිසීයට කැදෙව්වා. ඒ තුළින් යම් කිසි කෙනෙක් වැරදි විමර්ශන හේතුවෙන් අගතියට පත්වෙලා ඉන්නවනම් එයාලට සාධාරණය ඉටුවිය යුතුයි කියන මතවාදයේ අපි ඉන්නවා.” යැයි කීය.

– media unit

28,492 views

3 Comments to “කොළඹ වරාය පර්යන්තය විකුණන්නේ නෑ.. නමුත් ඉන්දියාව හෝ ඔ්නෑම රටක් සමග ආයෝජන කරනවා..”

  1. අරුණ කුමාර says:

    ඕකට මොනව කළත් විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා.
    1.ජෙප්පෝ.
    2.විපක්ෂයේ ඉන්නකොට සජබයෝ,
    3.ආංඩු බලය නැති බත් ගොට්ටෝ,
    4.ඇමති කම් නැති පොහොට්ටුවෝ.

  2. Fernando says:

    Very good.

Main News