කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි..

June 2, 2018 at 8:02 am | lanka C news
කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි..

Alphaliner වාර්තා වලට අනුව කොළඹ වරාය පසුගිය වසරට සාපේක්‍ෂව 2018 පළමු කර්තුවේ බහලූ මෙහෙයුම් 16.2% ක වර්ධනයක් පෙන්නුම් කරයි. මෙය 2006 වසරට සාපේක්‍ෂව ගත්කළ 8.3% ක කැපී පෙනෙන වර්ධන වේගයකි. මෙය කොළඹ වරාය ලැබූ සුවිශේෂි ජයග‍්‍රහනයක් වන්නේ 16.5% ක වර්ධන අනුපාතයක් පෙන්නුම් කරන සිංගප්පූරු වරායට පමණක් දෙවනි වීම තුළිනි.

ඇල්ෆා ලයිනර් වාර්තාවලට අනුව (Alphaliner global Port rankingsthe) බහලූ මෙහෙයුම් වරායයන් අතර පළමු ස්ථානයේ පසුවන සිංගප්පූරු වරාය 16.5% වර්ධනයක් පෙන්නුම් කරන අතර, දෙවැනි ස්ථානය 16.2% ක වර්ධනයකට හිමිකම් කියන කොළඹ වරායට ද, තෙවැනි ස්ථානයේ (-11.6%* චීනයේ සියාමෙන් (ඞස්පැබ* වරායට ද, සිව්වැනි ස්ථානය බෙල්ජියමේ ඇන්ට්වීප් (Atwerp – 10.7%* චීනයේ නින්ග්බෝ (Ningbo – 10.4%* පස්වන ස්ථානය ද හිමිකර ගෙන ඇත.

ලෝකයේ වරාය වර්ගීකරණයේ දී 23 වන ස්ථානය හිමිකර ගත් කොළඹ වරාය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් කොළඹ වරාය තුළ ක‍්‍රියාත්මක ප‍්‍රධාන පර්යන්ත ත‍්‍රිත්ත්වය වන JCT, CICT සහ SAGT යන පර්යන්ත සමග සාමුහික ගිවිසුමට අත්සන් කිරීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් පසුගියදා සිදුකරන ලදී. මෙම නව සාමුහික ගිවිසුම යටතේ පර්යන්ත ත‍්‍රිත්වය සාමුහිකව බහලූ මෙහෙයුම් කටයුතු ක‍්‍රියාත්මක කරනු ලබන අතර, මෙහෙයුම් කටයුතුවල කාර්්‍යක්‍ෂමතාවය වර්ධනය කර ගැනීම මගින් සියලූ බහලූ -මෙහෙයුම් සේවාවන් වෙත කාර්්‍යක්‍ෂම හා ඵලදායි සේවාවක් ලබා දීමට ද අපේක්‍ෂිත ය.

වරාය මෙහෙයුම් ක‍්‍රියාවලියට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ යහපත් දායකත්වය තුළින් ජයබහලූ පර්යන්තය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරවලට සාපේක්‍ෂව කඩිනම් සංවර්ධනයන් කරා ලඟා වීමට හැකි වි ය.

2017 වසරේ දී කොළඹ වරාය බහලූ මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයකට එළඹෙමින් බහලූ මෙහෙයුම් මිලියන 6.2 සීමාව ඉක්මවීමට ද සමත්වූ අතර, Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් 20 අතර 13 වැනි ස්ථානය හිමිකර ගැනීමට ද සමත්විය. 18 වැනි ස්ථානයේ පසුවූ කොළඹ වරාය 2017 සිව්වැනි කාර්තුවේ දී මෙලෙස වරායයන් 5 ක් අභිභවා මුල්පෙළට පැමිණීම සුවිශේෂිතය තවද, Drewry වරාය සම්බන්ධතා දර්ශකය අනුව කොළඹ වරාය ආසියාවේ විශිෂ්ඨතම සම්බන්ධිත වරාය බවට පත්ව ඇත.

ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සිව්වැනි වරට පවත්වන ලද සම්මාන උළෙලේ ‘‘2018 වසරේ වරාය අධිකාරිය’’ සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සමත්වීම විශේෂිත කරුණකි.

– චිත‍්‍රාල් ජයවර්ණ

151 views

4 Comments to “කොළඹ වරාය ලෝකයේ දෙවන ඉහළම වර්ධන අනුපාතය වාර්තා කරයි..”

  1. බබා says:

    යහපාලන රජයේ ජයග්‍රහණයක්. අර හමිබ තොටේ වරායට වියදම් කරපු අපරාද සල්ලි වලින් කොළඹ වරාය දියුණුකලානම් මෙලහට රට ගොඩක් ඉදිරියට ගිහින්. කලයුතු නොකලයුතු නොදැන රටේ සල්ලි කාබාසිනියා කලා.

  2. චම්පා says:

    කුහක නොවී සතුටු වෙමු

  3. Pachaya says:

    Baba, don’t try to take credit for what others have done during last 15years. JAYA terminal and other new terminals done many years ago and now we are reaping the benefits. Yahapalanaya government is trying to fix EAST TERMINAL for the last 3years
    Don’t think general public is idiots to believe what you say.

    • බබා says:

      තමුන්ල ව⁣ගේ ලියල තියෙන දෙයක් තේරුම්ගන්න බැරි උන් තමයි අද රටේ ඉන්නෙ. අවුරුදු ගානක් ගිය යුද්දෙ වගේ තමයි මේකත්. ඒ යුද්දෙත් පර්සි මහේන්ද්‍රගෙ ආණ්ඩුව කාලෙ දිනුවෙ ඒ වෙනකොට තිබුනු රජයන් විසින් දමා තිබුනු අඩිතාලම මත.හැබැයි කියන්නෙ පර්සි මහේන්ද්‍රගෙ ජයක් හැටියට. චන්ද්‍රිකා කාලෙ හඳුන්වාදීපු මල්ටි බැරල් අවි තමයි යුද්ධය අවසානය දක්වාම තීරනාත්මක කාර්යභාරයක් කලේ. STF, LRP වගේම SF හැදුවෙත් පර්සිගෙ කාලෙ නෙවෙයි. මේ වරායත් එහෙම තමයි. අර ගමට කරනවා කියන උද්දච්ච කල්පනාවෙන් ශක්‍යතා වාර්තා පවා නොසලකා හරිමින් හම්බන්තොට වරාය හා ගුවන්තොට හැදුවෙ නැත්තම් රට මේ තරම් ලෝකෙට ණය වෙනවද? දැන් ගුවන්යානයක් එන ගානෙ, නැවක් එනගා⁣නෙ පත්තරේ රූපවාහිනීයෙ දානවා නැවක් ආවා ගුවන්යානයක් ආවා කියල. ඒ තරම් දුර්ලභයි ඒ පැමිනීම. රටට බරක් ඒවා නඩත්තුව. ඉතින් ඒ වෙද්දිත් රටට ආදායම් ගෙනාපු කොළඹ හෝ ගාලු වරායන් දියුනුකලානම් හා උවමනාමනම් හම්බන්තොට සාමාන්‍යමට්ටමේ වරායක් හැසුවනම් රටට මොන යහපතක්ද? ඒක තේරුම්ගන්න බැරි හරක් ⁣අනික් මිනිස්සුන්ට ඇගිල්ල දික්කරනවා.

Main News