කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩයගම රැසකගෙන් ප්‍රකාශ ගනී.. දැරියගේ දේහය ගොඩගැනීම කල් යයි..

July 29, 2021 at 2:19 am | lanka C news
කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩයගම රැසකගෙන් ප්‍රකාශ ගනී.. දැරියගේ දේහය ගොඩගැනීම කල් යයි..

රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ පොලිස් කොට්ඨාශයෙන් ඩයගමට පැමිණි ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම තවදුරටත් එම වතු යායේ කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනිම සිදු කරනු ලබයි.

ඩයගම පොලිස් වසමට අයත් ඩයගම වත්ත බටහිර කොටසේ පදිංචි කිහිපදෙනෙකුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුහ.

එම පොලිස් කණ්ඩායම මිය ගිය දැරිය කොළඹට මෙහෙකාර සේවය සදහා රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සමාජිකයන්ගෙන් සහ මිය ගිය දැරියගේ පවුලේ සමාජිකයන්ගෙන් පැය 16 ක් ප්‍රකාශ ලබාගෙන ඇත.

ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම බටහිර පොදු සුසාන භුමියට තවදුරටත් පොලිස් ආරක්ෂාව ලබාදි ඇත.

ඉෂාලිනිගේ සිරුර යලි ගොඩ ගැනිම සම්බන්ධයෙන් අනුගමනය කල යුතු නිතිමය තත්ත්වයන් පවතින නිසා  සිරුර ගොඩ ගැනිමේ කටයුකු දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,893 views

4 Comments to “කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඩයගම රැසකගෙන් ප්‍රකාශ ගනී.. දැරියගේ දේහය ගොඩගැනීම කල් යයි..”

  1. SKF says:

    සිරුර හොදටම කුණු වෙන්බ ඇරලා ගොඩ ගන්න පාටයි. වෙන රටක නම් ගොඩ අරන් Freeze කරලත් ඉවරයි.

  2. කබරයා says:

    මෙහෙමත් වංචාවක්. තවමත් බදියුදීන්ගේ සැලසුම් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැනට මත් දින දෙකක්ම මිනිය ගොඩ ගැනීම ප්‍රමාද කලා. මිනිය ගොඩ ගැනීමට ප්‍රමාද වෙන හැම පැයක් ගානෙම මිනිය කුනුවෙලා ප්‍රබල සාක්ෂි නැති වී යනවා. අන්තිමට දොස්තර කියාවි මිනිය කුනුවෙලා වැඩි නිසා අහවල් දේ සිදු උනා කියලා නිශ්චිත වශයෙන්ම කියන්න බැහැ කියලා. ඉතින් බදියුදීන් කාරයා උඩින්ම දිනුම්. ඔන්න සල්ලි බලේ. පොලිසියත් දිනුම්.

  3. Raj says:

    මෘත දේහය ගොඩගන්න කල්යන්න කල්යන්න දේහය තව තවත් නරක්වී සාක්ශී විනාශවෙනවා. පේන විදිහට රිසාට්ගේ ගෑණියි ගෑණිගෙ පවුලෙ උන් හිරේට යන්න තියන එකින් වලක්වනවා. මෘත දේහය මෙච්චර ඉක්මනින් භූමදානය කිරීමත් වැරදි.

  4. King Bull says:

    චන්දයක් ලංවෙනකොට ගොඩගත්තනම් කට්ටිය ගොඩ.

Main News