කොළඹ ස්විස් තානාපති මතක හිටින පාඩමක් ලංකාවෙන් ඉගෙන ගනී.. ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..

December 6, 2019 at 3:26 am | lanka C news
කොළඹ ස්විස් තානාපති මතක හිටින පාඩමක් ලංකාවෙන් ඉගෙන ගනී.. ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයට විරුද්ධව මහජන යුතුකම් කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පැමිණිල්ලක් ගොනු කරන ලදී.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ පැහැරගැනීමට ලක් වූවා යැයි කියන කාන්තාව අසනීප තත්වයෙන් පසුවන බව පැවසුවද ඇයට ප‍්‍රතිකාර ලබා නොදෙමින් බලහත්කාරයෙන් රඳවා ගැනීම මගින් ස්විස් තානාපතිවරයා විසින් වියානා සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඉදිරිපත් කර අවශ්‍ය සහයෝගය ලබා දීමට අවශ්‍ය නැඹුරුතාවය සලසා දෙන ලෙසද පැමිණිලිකරුවන් සඳහන් කර ඇත.

මේ චෝදනා මත කොළඹ ස්විස් තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර නීතිය යටතේ කටයුතු කරන ලෙසද පැමිණිලිකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

72 views

20 Comments to “කොළඹ ස්විස් තානාපති මතක හිටින පාඩමක් ලංකාවෙන් ඉගෙන ගනී.. ලාංකික රෝගී කතක් පැහැරගෙන යයි UN වෙත පැමිණිලි කෙරේ..”

  1. Ahinsa says:

    කැනඩාවේ එහෙම ඔහම දෙයක් වුනානම් උගේ තානාපති වරප්‍රසාද නැතිකරලා උ මේ වෙලාවට නඩුව ඉවරවෙනකම් කුඩුවේ. එක පාරක් රුසියාවේ තානාපතිට ඔහොම දෙයක් කැනඩාවේ වුනා. එත් අපිට 3න් දෙකේ බලේ නැති නිසා අවස්ථාවාදීන් ආණ්ඩුව පෙරලයි කියලා බය නිසා මුකුත් කරන්න බැහැ

    • රසික සූරියාරච්චි says:

      අනේ පල ඩෝ යන්න. නොදන්න හුයනු නොලියා.

      අයි මතක නැද්ද ගිය අවුරුද්දේ UN එකේදී ක්‍රිස්ටියා ෆ්‍රිලන්ඩ් සවුදි ෆොරින් මිනිස්ටර්ගෙන් අහගත්තා ලුණු නැතුව. රෙද්ද බිම.
      අනේ අපි නොදන්න කැනඩ ඩිප්ලෝමසි.

  2. ලක්වැසියා says:

    තන්මුනැහේ කියන්නෙ මුන්ට ඕනෙ තැනක ඇවිල්ල පහරන්න ඉඩ දීල අපි උඩ බලාගෙන ඉන්න ඕනෙ කියලද?

  3. Pure SriLankan says:

    Should be punished this type of culprits.

  4. කොටා says:

    ලෝකෙට එක් රටක් උනාට ලංකාව ස්වාධීන රටක්. ඒකට අත තියන්න ස්විස් තානාපතිවරයාට තියන අයිතිය කුමක්ද

  5. සරා says:

    ස්විස් තානාපති ‌ෙමෙි කරන්නේ ශ්‍රිලාංකික කත බලෙන් රදවා තැබිමක්.තානාපති මුක්තිය නැති ‌ෙකෙනෙකු ‌ෙමෙහෙම තම තානාපති කාර්යාලය තුල රදවා තබන්න පුළුවන්ද?සියල්ලට ‌ෙපෙර රාජ්‍ය ‌ෙසේවකයෙකුට ‌ෙහොර විසා නිකුත් කර රටින් පනින්න සැලැස්විම ගැන තානාපති වගකිව යුතුයි.

Main News