කොළඹ සියළුම පාසැල් වසා දැමේ.. සෙසු පාසැල් විදුහලත්පති කැමැත්ත මත..

June 18, 2022 at 1:59 pm | lanka C news
කොළඹ සියළුම පාසැල් වසා දැමේ.. සෙසු පාසැල් විදුහලත්පති කැමැත්ත මත..

කොළඹ නගර සීමාව තුළ පිහිටි රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් එළඹෙන සතිය තුල වසා දැමීමට තීරණය කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇති වී තිබෙන ප්‍රවාහන අසීරුතා මත මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

ප‍්‍රවාහන ගැටළු නැති සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.

එමෙන්ම නාගරික තදාසන්න පාසල් ද එම සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබේ.

48,991 views

13 Comments to “කොළඹ සියළුම පාසැල් වසා දැමේ.. සෙසු පාසැල් විදුහලත්පති කැමැත්ත මත..”

  1. කොහොමද හොරු අල්ලන්නේ says:

    සල්ලි වලට, හොර ලේඛන සකස් කර ජනප්‍රිය පාසල් වලට සිසුන් දැමූ දෙමාපියන් අමාරුවේ.

    • User Name says:

      හොර ලේඛන සකස් නොකර ශිෂ්‍යත්වයෙන් සිසුන් දැමූ දෙමව්පියනුත් අමාරුවේ.
      අඩුම ගානෙ හොර ලේඛන සකස් කල දෙමව්පියන්ට මුදල් හරි තියෙනව අවශ්‍ය ‌ඔන්ලයින් ඉගෙනීම් කටයුතු කරගෙන යන්න
      ශිෂ්‍යත්වයෙන් ආව අයයි වැඩියෙන් අසරණ

      • ධර්මිෂ්ඨ says:

        70% පමණ දරුවෝ පලමු වසරට ඇතුළත් වෙලා තියෙන්නේ හොර ලේඛන වලින් තමා. ඒවාට අද දේව ශාපය පලදීලා. මුලු රටම ගෝල් ෆේස් ඇවිත් තම තමන් කරපු වැරදි වලට ස්වභාව ධර්මයෙන් සහ විශ්ව ශක්තියෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.

  2. සේනක says:

    ඉන්ධන ගැටළුව තිබෙන්නේ කොළඹට විතරද ඇයි මෙහෙම මිනිස්සු අමාරැවේ දමන්නේ ඊයෙ උදෙ 7;00 ඉඳලා ඉන්ධන පෝලිමේ බවුසරෙ ආවෙ රෑ 9:30ට ෂෙඩ් එක ළඟට පෝලිමේ යනකොට පාන්දර 4:00 තෙල් ඉවරයි හිස් අතින් ගෙදර ගියා ඉතින් කොහොමද අපි වැඩ කරන්නේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නේ ඇමති වරයාට සහ නිළධාරින්ට පෙනෙන කොළඹ දිහා බලලාද අනිත් මිනිස්සු ඔටුවෝද?මොකක්ද මේ කරන ජරා වැඩේ හෙන ගහනවා මේ තීරණ ගන්න උඔලාට.අ⁣ාණ්ඩුවේ වාහනෙන් නිකන් දෙන පෙට්‍රල් වලින් ඔක්කොම වැඩ කරගන්න උඹලා අහිංසක මිනිස්සු ගැනත් මීට වඩා මනුස්ස කමෙන් හිතපල්ලා

    • මහා වීර says:

      තොප කුණු ටෙලි ඩ්‍රාමා ටිකයි, සුපර් ස්ටාර්, රියැලිටි ෂෝ, ක්‍රිකට් මැච්, කහකඩයන්ගේ වැදි බණ, බල බල ගත කරන ඔය අපත ජීවිතයට ස්වභාව ධර්මය හා ලෝක නියාම ධර්ම දඩුවම් දෙන වීදිය තමා. විඳවපල්ලා.

  3. Ude says:

    Mahinda Gota and Rajapaksha clan ruin this country.Gods will punish them for the damage they have done spcially to the Sri Lankan students.The worst rulers in Sri Lanka.Ranil should resign immediately with out further deceiving the people.

    • අපි අවදියෙන් says:

      එංගලන්තයේ මැහැල්ලටයි ඇමෙරිකාවේ මහල්ලටයි බයේ මේ මහල්ලන් දෙන්නයි 225යි රුසියාවෙන් ලාබෙට දෙන තෙල් ගන්නේ නෑ.
      රුසියාවෙන් දෙන තෙල් ගත්තනම් දරුවන්ට පාසල් යන්න පුළුවන්.
      මාස ගණනක් පාසල් වසන්නට සිදු වේවී.මුන් දරුවන්ව පිස්සන් බවට පත්කර විනාශ කරන්නයි සූදානම.
      සර්ව ආගමික නායකයින් ඔබලා බුදිද?
      අනුර කුමාර, සජිත්, චම්පික, ෆොන්සේකා, පුබුදු ජාගොඩ තොපත් මර නින්දේද ?

  4. Nishanthi says:

    Gam wala paasal walata meya getaluwak naa mokada a lamai boho vita enne push bicycle eken ehema nethnam paa gamanin.mokada online kalath a daruwanta eyata awashya pahasukam naa

    • කුමාර says:

      ඔයා ඇත්තටම ජීවත් වෙන්නෙ ලංකාවෙද?ළමයි පයින් ආවත් ගුරැවරැ එන්නෙ කිලෝ මීටර් ගණනාවක් දුර ඉඳලා ඉතින් ඒ මිනිස්සු එන්නෙ කොහොමද

    • කමල් says:

      ගුරැවරැන්ට ⁣ආසන්නතම පාසලට ස්ථාන මාරැවක් ලබාදෙන්න ඔයාට පුළුවන්ද

  5. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    මේ ගුරුවරුන්ගේ වැඩ වර්ජන නිසා අහිංසක ලමයිගේ අනාගතය විනාශ වෙන්නේ..

    අහ් මලකෙලියයයි.. වැඩ වර්ජනයක් නෙවේ ද?
    එහෙනම් ඉතින් ආණ්ඩුව කරන මොකක් හරි වැදගත් වැඩක් වෙන්න ඇති.

  6. හරියට හරි says:

    පිටරටවලින් ණයට ඉන්ධන ලබා ගෙන වාහනයෙන් යන එක අභිමානවත් මිනිසුන්ට සුදුසුද?

  7. CEB says:

    හරක් දන නැද්ද ගම්වල පාසල්වලට ගුරුවරු යන ෙන් නගර ෙය් ඉදන් කියලා

Main News