කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..

August 20, 2021 at 2:10 pm | lanka C news
කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..

කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඖෂධ වෙලසැල්, ආහාර අලෙවි සැල් හැර සෙසු සියලු වෙළඳසැල් ටික දිනකට වසා දමන්නට ද ඇය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියි.

එසේ කළහොත් කොළඹ නගරයට පැමිණෙන ජනතාව හා සේවකයන් විශාල වශයෙන් අඩු වන බව ද ඒ ඔස්සේ බොහෝ පුද්ගලයන්ගේ ආරක්ෂා තහවුරු වන බවද ඇය පෙන්වා දේ.

කොරෝනා පැතිරෙන විවිධ ප්‍රදේශවල වෙළඳුන් තම පාඩුව නොසලකමින් වෙළඳ සැල් වසා දමා කොරෝනා මර්දනයට ස්වෙච්ඡාවෙන් දායකත්වය දී ඇති බව බවත් එය තමන් මහත් සේ අගය කරන බවත් ඇය කියා සිටියාය.

බස්නාහිර පළාතේ විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීම ඉහළ ගොස් ඇති නිසා කොළඹ නගරයට පැමිණීම මෙන්ම අනවශ්‍ය ගමන් ද සීමා කරන ලෙසද නගරාධිපතිනිය තව දුරටත් ඉල්ලා සිටියි.

37,236 views

6 Comments to “කොළඹ සියළු වෙසලසැල් වහන්නැයි රෝසි වෙලදුන්ට කියයි..”

  1. Darshana abayakoon says:

    මෙයාට තියෙන මොලෙ වත් එයාට නෑ නෙ ඉතින්.

  2. lotus says:

    රට පොජ්ජ වාලා වසංගතේ මන්දො කරාන්න

  3. Citizen says:

    The right thing to do. All need to understand that life will not be the same for some time until this Pandemic is brought under control.

  4. Tgz says:

    සිංහල බෞද්ධ පදනම විනාශකරන්න හදන ‘බොර්න් අගේන්’ හතුරන් මේ.

  5. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛඉ කමෙන්ට්ස් නැතුව සෝ බෝරීන්ග් . කමෙන් සෙන්සටිව් ලේම් බෛයි ෆෝක්ස්, ප්ලීස් පුට් යුර ටූ සෙන්ට්ස් ඉන්.

  6. Love nature says:

    “අනුන්ගේ පානින් එලිය බැලීම”

Main News