කොළඹ 09 වේළුවන මාර්ගය ලොක්ඩවුන්… කොරෝනා ආසාදිතයෙක් නිවසින් පලා යයි..

December 27, 2020 at 8:40 am | lanka C news
කොළඹ 09 වේළුවන මාර්ගය ලොක්ඩවුන්… කොරෝනා ආසාදිතයෙක් නිවසින් පලා යයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ 09 වේළුවන පාර ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කර ඇත.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් පිරිසක් හමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර මාකොල උතුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු තම නිවසින් පලාගොස් තිබේ.

ඔහු කොරෝනා පරීක්ෂණයට ලක් කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයෙකි.

පලාගිය පුද්ගලයා මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ 22 හැවිරිදි පුද්ගලයෙකි.

10,979 views