කොළඹ 7-5 කුණු වහා ඉවත් කරන්නැයි නියෝග.. ජාඇලට, රත්මලානට ඇතුළු ආසන්න ප‍්‍රදේශවලට කුණු බෙදාහරී..

April 16, 2017 at 3:24 am | lanka C news
කොළඹ 7-5 කුණු වහා ඉවත් කරන්නැයි නියෝග.. ජාඇලට, රත්මලානට ඇතුළු ආසන්න ප‍්‍රදේශවලට කුණු බෙදාහරී..

මීතොටමුල්ල වෙත කොළඹ නගර සභාවේ කුණු ගෙන යෑම රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කල බව මෙගා පොලිස් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කලේය. ඊට විසඳුමක් ලෙස එම කුණු ඉදිරියේදී මුදාහැරීමට නියමිතව ඇති ස්ථානයක් ගැන මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැලකී සිටියේය.

කොළඹ නගර සභාවේ දිනකට මෙට්‍රරික් ටොන් 900 ක් පමණ අපද්‍රව්‍ය කුණු ලෙස බැහැර කරන අතර මේ වනවිටත් කොළඹ නගරයේ කුණු තැන තැන ගොඩගැසෙමින් පවති.

මේ සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කල නිලධාරින්ට දේශපාලන නායකයින් එම රැස්වීමේදි පවසා ඇත්තේ මොනම තත්ත්වයක් යටතේ වුවද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පුද්ගලයින් මෙන්ම විදේශ තානාපති කාර්යාලය බහුලව පිහිටි කොළඹ 7 සහ 5 ප්‍රදේශයේ කුණු තාවකාලික හෝ ස්ථානයක් සොයා රැගෙන යන ලෙසයි.

කෙසේවෙතත් හෙට දිනයේ සිට නැවතත් කොළඹ කුණු බැහැර කිරීමට කලින් යොදාගෙන තිබුණ පරිදි ජාඇල ප්‍රදේශයේ තෝරාගත් භූමිය වෙතත් තවත් කොටසක් රත්මලාන ප්‍රදේශයටත් ගෙන යෑමට නියමිතයි.

142 views
Main News