කොළඹ ISIS ත්රස්තවාදී බියක්… ISIS ත්රස්තවාදීන් කොළඹ මෙහෙයුමකට ලැහැස්තියි.. ඇමරිකාව ආණ්ඩුවට අනතුරු අගවයි..
July 1, 2017 at 11:20 am | lanka C news
රත්මලාන ගුවන් තොටුපලෙන් ගුවන් යානවක් පැහැරගෙන කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදීමට සැලසුමක් සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශය ශ්රීලංකාවට දැනුම් දි ඇතැයි මෙවර සතිඅග ඉරිදා ලංකාදීපය වාර්තා කොට ඇත.
ISIS ත්රස්තවාදීන් මෙ සඳහා කොළඹ සූදානමක් ඇති බව අනතුරු අගවන ඇමරිකාව මේ දිනවල කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය එහි ප්රධානින්ට ගැවසීම සීමා කොට ඇති බවත් එම පුවත මගින් සඳහන් කරයි.
පසුගිය කාලයේදී සංහිඳියාව වෙනුවෙන් විශාල කැපවීමකින් කටයුතු කල ඇමරිකානු තානාපති අතුල් කේෂප් පසුගිය වසරේ රාමසාන් වෙනුවෙන් රාත්රි භෝජනය සංග්රාහ 3 ක් මුස්ලිම්වරුන් වෙනුවෙන් පැවත් හ. එහෙත් මෙවර කොළඹ ඇමරිකානු තානාපති නිල නිවසේ පසුගිය වසරේ පැවත් වු රාමසාන් රාත්රි භෝජනය සංග්රහය ද නවතා දමන ලදි.