කොළඹ UN ලොක්කී ජනපති හමුවෙයි.. සියල්ල ව්‍යවස්තාවට අනුව බව ජනපති කියා දෙයි..
November 1, 2018 at 6:28 am | lanka C news
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය ඊයේ (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිඛෙන දේශපාලනික තත්ත්වය පිළිබදව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලූ කටයුතු සිදු කර තිඛෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කළේ ය.
එමෙන්ම රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සදහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහය ඇගැයීමට ලක් කළේ ය.
මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.
– ජනාධිපති මාධ්‍ය අංශය
ME GANITA MOTADA ?
APE RATE WADA
APITA ONA WEDIYATA NE
KARANNE
UNP කලු සුද්දන්ට ජනමතය නැතිවුණා කියා නීතියේ යටිකූට්ටු බලය නැතිවන්නේ නැත. සුද්දා නීතිය හදා දුන්නේම කලු සුද්දන්ට රජකම් කරන්නය.
She should protect the Independent Nation’s right to safeguard their Sovereifnity and deal their internal matters without intervention of the world
Powers .