කෝච් වෙනුවෙන් ගැහිලි නෑ.. ඩේරසිං රූම් *** ටෝක් නෑ.. අප්‍රිකානු එක්දින තරගාවලිය සුදුවෙන්නම පරාදයි.. ලෝක කුසලානයට පෙරහුරුවක්..
March 11, 2019 at 9:20 am | lanka C news
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායමක් අතර ඩර්බන් හිදී පැවති තුන්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 71 පරාජයක් හිමිවිය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිත්සේ පහර දෙමින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 331 ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම ක්‍රීඩා කරද්දී වර්ෂාවෙන් බාධා වූ නිසා පන්දුව 24 කදී ලකුණු 193ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුවයි.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 24 ලබාගත්තේ කඩුලු 5ක් දැවී 121ක් පමණි.
මේ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය දැනටමත් 3-0 ලෙස දකුණු අප්‍රිකානුවන් විසින් ජයගෙන සිටී.
ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට දින දෙකකට පෙර කියා සිටියේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරග පරාජය වන්නේ ජූනි මාසයේ ඇරඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙස බවයි.
Harin mame loka kusalana 3n vana perahuru tharangaya gana mokada oyage adahada. Denna thava Digital pora talk ekak.