කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..

August 5, 2021 at 2:12 pm | lanka C news
කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති වරයාට පුද්ගලයන් දෙදෙනෙකු පහර දීමක් සිදු කර තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලබා ඇති නගරාධිපතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.

සිදුවීමට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පියපුතු දෙපලක බවත් පොලිසිය කියා සිටියි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පිටකෝට්ටේ ප‍්‍රදේශයේදීය.

40,892 views

6 Comments to “කෝට්ටේ නගරාධිපතිට මහ මගදී පහර දෙයි.. ඔහු තුවාල ලබා රෝහලේ..”

  1. Dp says:

    නගරාධිපති පොලු පාරක් ගහන්න ගිහින් තමයි පොලු පාර කන්නේ. කාරණේ මොනා වුනත් තුන් දෙනෙක් විතර වට කරලා ගහන්න හදනකොට බේරෙන්න කරන්න පුළුවන් හැමදෙයක්ම ඒ පුද්ගලයා කරනවා. එච්චරයි. හිමින් කථා කරලා බේරාගන්න පුළුවන් දේටත් නාගාධිපති බලය දාන්න ගියාම ඔහොම වෙනවා

  2. බයියා says:

    මුගේ නගරාධිපති පට්ටම ගලවන්න වෙනවා.. ඉස්සෙල්ලාම නගරාධිපති ඇඟිල්ල දික් කරලා තර්ජනය කරනවා.. ඊළඟට ප්‍රතිවාදියා දුවලා පොල්ලක් අතට ගත්තම නගරාධිපතිත් පස්සෙන් ගිහිල්ලා තව පොල්ලක් අරගෙන හරඹෙට ඉදිරිපත් වෙනවා. ඉස්සෙල්ලාම ගහන්නෙත් නගරාධිපති. හරියට පොලුපාර කන්නෙත් නගරාධිපති. නගරාධිපතිගෙයි චන්ඩියාගෙයි වෙනසක් නැති බවට හොඳම උදාහරනයක්.

  3. Lolla says:

    මූට නෙමෙයි මුන්ගේ මහා උන්ටත් ගහන දවස් ලඟයි………

    • charith says:

      Hey Lolla, does your father or Boss also comment on gossip? Its time to go BACK TO SCHOOL toyya

  4. Nuwab says:

    මු කොහොමත් මිනිස්සුන්ට හැම වෙලාවෙම කුනුහරුප කියල තමයි බනින්නෙ. තියා, මන්ත්‍රිතුමියන්ට බනින්නෙත් කුනුහරුපෙන්. මහ සබාවෙත් කුනුහරුපෙන් බනිනවා. 1 වෙනියා උන උගත් මනුස්සයෙක් ඉදිද්දි තමයි මේ නූගත් බස් ඩ්‍රයිවර් කෙනෙකුට ඔය තනතුර දුන්නෙ. මහ වසලයෙක්.

  5. ඉණාමළුවේ ධම්මමදීන්න says:

    නගරාධිපති අත් අඩංගුවට ගන්න, සටනට යොමු කළේත් සටන ආරම්භ කළේත් ඔහුයි.

Main News