කෝටියකට අධික කහ තොගයක් යුදහමුදා අත්අඩංගුවට…

April 15, 2021 at 5:30 pm | lanka C news
කෝටියකට අධික කහ තොගයක් යුදහමුදා අත්අඩංගුවට…

වී ප්‍රවාහනය කරන මුවාවෙන් නීතිවිරෝධීව රුපියල් මිලියන 11 කට අධික විනාකමින් යුතු වියලි කහ කිලෝ 1989 ක් සමග සැකකරුවන් 05 දෙනෙකු මන්නාරම ඉලුප්පකඩවායි ප්‍රදේශයේදී යුදහමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මන්නාරම 54 වන සේනාංකයට අයත් යුදහමුදා සෙබලුන් පිරිසක් විසින් යාපනය මන්නාරම ඒ-32 මාර්ගයේ ඉලුප්පකඩවායි ප්‍රදේශයේදී යොදා තිබූ මාර්ග බාධකයකදී සැකකටයුතු කැබ් රථයක් පරික්ෂා කිරීමේදී මෙම වියලි කහ තොගය හමු වී ඇත.

අදාල කහ තොගය යාපනයේ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර වී ප්‍රවාහනය කරන මුවාවෙන් මෙලෙස යාපනයේ සිට කහ රැගෙනවිත් ඇති බවට අනාවරනය වී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර සැකකරුවන් සහ වියලි කහ තොගය ඉලුප්පකඩවායි පොලීසිය වොතට භාර දීමට 54 සේනාංකයේ යුදහමුදා සෙබලුන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,174 views

11 Comments to “කෝටියකට අධික කහ තොගයක් යුදහමුදා අත්අඩංගුවට…”

  1. desta says:

    puchanna ammo etarama sepak neha 😀😀😀

  2. SKF says:

    කහ ප්‍රවාහනය නීති විරෝධියිද???

    • රිවස් පනත් විරුවා.. පිලිකාව රටට බෙදුවා.. says:

      ඇෆලටොක්සින් නැත්නම් නීති විරෝධී තමයි. අරුන්දික ගේ ස්වයන් රැකියා කසිප්පු වගේ සුළු ප්‍රමාන වලින් කලා නම් නීති විරෝදී නෑ. රජයෙන් අනුමත වෙනවා. චුට්ටි කාලයයි නේ. ස’ ගේ ඡන්ද ව්‍යාපර වලට උදවු දුන්න ගජ මිතුරු හලාල් සමාගම් කඩන් වැටෙනවා නේ නැත්නම්.

      • SKF says:

        ජෙපන්ගෙ ජාතික ලැයිස්තු අපේක්ශක, ධනපති ව්‍යාපාරික ඊබ්‍රහිම් නානා ගම්මිරිස් ප්‍රති අපනයන කරු. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු.

        -මුන් ඔක්කොම එකයි මල්ලි-

      • රිවස් පනත් විරුවා.. පිලිකාව රටට බෙදුවා.. says:

        මම පිස්සු තද උනාම ලියන ඒවා ගනන්ගන්ට එපා හොදේ මට රාජපක්ස භීතිකාව ස ෆේල් නන්දසිරි ෆේල් අය්යෝ මට පිස්සු

  3. kalana says:

    නුෂාඩ්, රිෂාඩ්, සබ්‍රි ලා කළා නම් එළියේ. රාජපක්ෂ ලට උදව් නොකර වෙන මොකුත් කරනවා බොරු.

    • රිවස් පනත් විරුවා.. පිලිකාව රටට බෙදුවා.. says:

      මම පිස්සු තද උනාම ලියන ඒවා ගනන්ගන්ට එපා හොදේ මට රාජපක්ස භීතිකාව ස ෆේල් නන්දසිරි ෆේල් අය්යෝ මට පිස්සු

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියගෙ චන්දෙන් කහකුඩු හෙරොයින් වගේ උනා

  5. Regu Niladaariya says:

    Handing over the smuggled goods to the Police is a violation of section 136 of the Customs Ordinance and such violators are liable to the charge a sum not exceeding one hundred thousand.

  6. Maha sinhale says:

    මුන් අලුතෙන් පොලිසියක් හදන්න පටන් ගත්තෙත් මේ දේවල් ක‍රන්න තමා.

  7. Nihal says:

    Burn off and import from India. That’s Gota’s econologic

Main News