කෝටියකට ආසන්න අයිස් අත්අඩංගුවට…
April 10, 2022 at 7:10 pm | lanka C news
තලෙයි මන්නාරම උතුරු මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 956 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 08 වනදා අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසියකදී තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී යාත්‍රාව තුල සඟවා තිබූ අදාල අයිස් මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇති අතර එහිදී ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනොද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 45 වයස්හි පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙතට භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නාවික හමුදාවට අපේ ප්‍රණාමය.
Kudu dumiyage badu mewa🤬🤬🤬😡😡
මේවා ඉක්මනට ඩොලර් කර අපනයනය කරන්න.. රට බේරා ගන්න ඩයනා නමින් පැකට් කරන්න කියමූ. දියවන්නාවේ අපට නොමිලයේ පැකට් කරගත හැක. අවශ්යවූනොත් වඩා රෑවූනොත් පාර්ලිම්න්තූවේම කාමරවල අරක්ගත් විකූනන්ට අවසර දෙමූ.