කෝටියකට ආසන්න හෙරෝයින්තොගයක් නිවසකින් මතුවෙයි…

April 2, 2021 at 2:28 am | lanka C news
කෝටියකට ආසන්න හෙරෝයින්තොගයක් නිවසකින් මතුවෙයි…

යාපනය කයිට්ස් පොලිස් බලප්‍රදේශයට අයත් වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල සඟවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරෝයින් කිලෝ එකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරී කාර්යාලය පවසයි.

චාවකච්චේරි සුරාබදු නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් සහ පේදුරුතුඩුව සුරාබදු නිලධාරී කාර්යාල නිලධාරීන් විසින් ඒකාබද්දව සිදුකරන ලද වැටලීමකදී වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක් තුල සූක්ෂමව සඟවා තිබූ අදාල හොරෝයින් තොගය සොයාගනු ලැබූ අතර නිවසේ හිමිකරුද හෙරෝයින් සමග අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සොයාගත් හෙරෝයින් තෙගය අදාල පුද්ගලයාට ලැබුනු ආකාරය පිලිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුද මාර්ගයෙන් මෙම හෙරෝයින් තොගය රැගෙනවිත් දකුණට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බවට සුරාබදු නිලදාරීන් සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරු 50 හැවිරිදි වන අතර ඔහු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු අප්‍රේල් මස 14 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට මල්ලාකම් අධිකරණය විසින් නියෝග කොට සිටි අතර කයිට්ස් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,048 views

3 Comments to “කෝටියකට ආසන්න හෙරෝයින්තොගයක් නිවසකින් මතුවෙයි…”

  1. Dilan says:

    ඔයාල ඔහොම උතුරේ අයව කුඩු වලට අත් අඩංගුවට ගත්තහම දකුණට බොන්න දෙන්න කියලා, මානව හිමිකම් වලටත් යන්න ඉඩ තියෙනවා.

    අනිත් එක දකුණේ අයට විතරක් තියන උතුරේ අයට නැති අයිතිවාසිකමක් වෙනවනේ.

  2. saman says:

    haa neee loku wedak karalaaa .

  3. SKF says:

    රෙස්පෙක්ට් ස’…… අප පැතූ වෙනස මෙඉටු වෙමින් පවතී.

Main News