කෝටිය ඉක්මවූ කේරල ගංජා තොගයක් අල්ලයි…

August 4, 2022 at 2:07 am | lanka C news
කෝටිය ඉක්මවූ කේරල ගංජා තොගයක් අල්ලයි…

මන්නාරම වැලිපර ප්‍රදේශයේදී රුපියල් මිලියන 14 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 47 ග්‍රෑම් 240 ක් සඟවා තිබියදී 02 සවස සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් තීරයේ සිදුකරන ලද සෝදිසියකදී වැලිපර මුහුදු තීරයේ පිහිටි වෙරලේදී ඉතා සූක්ෂමව උරවලට දමා වලදමා සඟවා තිබයදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය සැඟවූ පුද්ගයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානම් කර මෙලෙස වලදමන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

911 views

Leave a Comment

Main News