කෝටි එකහමාරකට ආසන්න කේරල ගංජා කිලිනොච්චියේදී අත්අඩංගුවට…

June 7, 2019 at 2:09 am | lanka C news
කෝටි එකහමාරකට ආසන්න කේරල ගංජා කිලිනොච්චියේදී අත්අඩංගුවට…

කිලිනොච්චිය,  චුන්ඩිකුලම ප‍්‍රදේශයේදී ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කෝටි එකහමාරක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 120 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

කිලිනොච්චිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් සිදුකළ වැටලීමකදී අදාල සැකකරුවන් හා කේරළ ගංජා ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් විසින් වැටලීම සිදු කරන අවස්ථාවේදී සෙවිලි ෂීට් කොළඹ ප්‍රදේශයට රැගෙන යන බවට සැකකරුවන් පවසා ඇති අතර පසුව එය වැඩි දුර පරික්ෂා කිරීමේදී සෙවිලි සීට් යට තිබූ අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් ධීවර බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට කේරළ ගංජා චුණ්ඩිකුලම් වෙරළට රැගෙනවිත් කොළඹට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට ඇති අතර

අත්අඩංගුවට ගත් සැකකරුවෝ කිලිනොච්චිය, පලෙයි හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 40ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

577 Viewers
Main News