කෝටි ගණණක් වටිනා වාලම්පුරියක් අත්අඩංගුවට..

July 11, 2018 at 8:02 am | lanka C news
කෝටි ගණණක් වටිනා වාලම්පුරියක් අත්අඩංගුවට..

අධික වටිනාකමකින් යුක්ත අලංකාර වාලම්පුරියක් යාපනයට රැගෙන යාමට සූදානම් කොට තිබියදී කිලිනොච්චියේදී  සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් කියා සිටියහ.

කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා අදාල වාලම්පුරිය රැගෙන යන බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු විසින් රැගෙන යමින් සිටියදී සෝදිසි වැටලීමට හසු වීමෙන් අදාල වාලම්පුරිය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා වාලම්පුරිය හා සැකකරුවන් වැඩිදුර පරික්සණ කටයුතු සඳහා කිලිනොච්චිය පොලීසියට භාරදීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්යා බලකා සෙබලුන් විසින් පියවර ගෙන ඇති අතර සැකකරුවන් කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

සැකකරුවන් අදාල වාලම්පුරිය රැගෙන යාපනයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සැලසුම් කොට තිබූ බවට සැක පලවී ඇතැයි පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

69 views

One Comment to “කෝටි ගණණක් වටිනා වාලම්පුරියක් අත්අඩංගුවට..”

  1. වාලම්පු says:

    වාලම්පුරියක් ලඟ තබා ගැනීම හෝ ප්‍රවාහනය​ නීති විරෝධී ක්‍රියාවක් කියලා කොහෙවත් තියනවද?

Main News