කෝටි ගණනක් මුදල් දේශපාලන ප්‍රබලයකු ගිනුමේ.. නිල්වලා මුදල් දැයි සැකයක්.. බේරා දෙන්නැයි ඉන්දියාවට ගොස් දෙවියන් යදිමින් බාර වෙයි..
October 17, 2017 at 10:54 pm | lanka C news
පසුගිය රජයේ අවසාන කාලයේදී ගිංගඟ ව්යපතියේ කොන්ත්‍රාත්තුව ආරම්භ කිරිම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 4000ක් මහා භාණ්ඩාගාරයෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙත නිදහස් කලේ ය.
ඒ එහි ලේකම්වරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවකට අනුවයි.
මේ සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පසුගිය කාලයේදී ගාල්ල නගර ශාලාවේ පැවති උත්සවයකදි කල අතර මෙම ගණුදෙනුව පිටුපස විශාල දූෂණයක් සිදුව ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව විමර්ශනය කොට රටට හෙලිදරව් කරන බවට එහිදි පොරොන්දු විය.
ඒ අනුව මූලික පරීක්ෂණයක් පොලිස් මූල්‍ය අපරාධව කොට්ඨාසය FCID ආරම්භ කොට ඒ අනුව ඉදිරියේදී අදාළ අමාත්‍යාංශයේ එවකට සිටි ලේකම් අත් අඩංගුවට ගැනිමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කලේය.
එහෙත් මෙහිදී හෙලිදරව් වන කරුණු අනුව එම කොන්ත්‍රාත්තුව සඳහා චීන සමගමට ලබාදුන් මුදල් සම්බන්ධව අදාළ සමාගම විසින් මුදල් භාරගත් බවට සනාථ කොට ඇතත් එහි කොටසක් දේශපාලාඥයකුගේ බැංකු ගිනුමකට බැර වී ඇති බවට කරුණු හෙලිවෙමින් පවති.
මේ අනුව අදාළ අමාත්‍යාංශයේ ලේකම් අත් අඩංගුවට ගත් වහාම අදාළ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ද අත් අඩංගුවට ගැනිමට බොහෝදුරට ඉඩ ඇත.
අප්පච්චි මළ පුතාටත් කෙලවෙන්ඩ යනව වගේ. මෛතූණය ගාල්ලෙදි කිව්ව එක දැන් ආපහු ඇදල ගන්නත් බෑ නොවැ.
පව් බන් සුමණේ! මල් වඩම් අනවශ්‍යයි, මයිතුනයත් අප්පච්චිගෙ ඇර සොයිසගෙත් මිනීපෙට්ටිය වලදාන්න සුදානම්.
ඕක ඇදිල එයි බයට වෙන්ඩ ඇති මේකා මෑතකදී
ප්‍රසිද්ධ වේදිකාවකදී සිරිසේන උන්නැහේට ආරාධනා
කලේ 2020 ජනාධිපති වරනයටත් ඉදිරිපත් වෙන්න
කියල.
Guys ,are you sure this “Appachi Malo”???I don’t think so.The time of this happened ,it was Nimal Siripala the minister & we saw him with shaved hair after attending Kovil in India.Siripala again an utter culprit like Sirisena.