කෝටි ගණනක ඉඩමක් ලක්‍ෂ හයකට අරගෙන.. ශික්‍ෂාකාමී, සත්ගුණවත් මහින්ද අමරවීරට එරෙහිව කාන්තාවක් නඩු දමයි..

December 3, 2016 at 1:20 pm | lanka C news
කෝටි ගණනක ඉඩමක් ලක්‍ෂ හයකට අරගෙන.. ශික්‍ෂාකාමී, සත්ගුණවත් මහින්ද අමරවීරට එරෙහිව කාන්තාවක් නඩු දමයි..

මාතර නගරයේ රුපියල් කෝටි ගණනක් වටිනා පර්චස් 21ක ඉඩමක් රුපියල් ලක්ෂ හයකට මිලදීගෙන මහාධිකරණයේ වූ සමථ කොන්දේසි කඩ කළැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු දෙදෙනකුට එරෙහි නඩුවක් ලබන මාර්තු 10 වැනි දිනට කල් තැබීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය (02) නියෝග කළාය.

මෙම නඩුව ගොනු කර තිබුණේ කොළඹ දෙහිවල පදිංචි ඉඩම් හිමි වැවිලිකාරියක වන මැටිල්ඩා බියට්‍රස් අබේසුරියයි.

මෙම ඉඩමේ ඇටෝර්නි බලපත්‍රකරු වන චන්ද්‍රදාස මුණවීර හා වර්තමාන හිමිකරු බව කියන මහින්ද අමරවීර පිළිබඳ පිළිවෙලින් පළමු හා දෙවැනි විත්තිකරුවෝය.

මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් පැමිණිලිකාරිය මාතර ව්‍යාපාරිකයකු වු ජයන්ත රණතුංග සමග නඩුවක් පැවරු බවත් 2008 දී ඉඩමේ අයිතිය ව්‍යාපාරිකයාට පවරා ඇති බවත් අධිකරණයේ දී කියැවිණි.

එම තීන්දුව පිළිබඳව අතෘප්තිමත් වු මැටිල්ඩා අබේසුරිය යළිත් එම නියෝගයට එරෙහිව මාතර මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් මගින් නඩුවක් ගොනු කළාය.

ව්‍යාපාරික රණතුංග හා ඇය අතර සමථයක් ඇති කර ගෙන නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මැටිල්ඩා අබේසුරිය යලිත් ඉඩම භුක්ති විඳීමට පටන් ගෙන ඇත.

2012 වසරේදී ඇය එම ඉඩම ව්‍යාපාරික ජයන්ත රණතුංගගේ බෑණා වු ඉන්දිකට වසර දෙකකට බදු දී තිබෙන බවත් එම වසරේ මාර්තු 29 වන දින නඩුවේ පළමු හා දෙවැනි විත්තිකරුවන් ඇතුළු පිරිසක් ඉඩමට ඇතුළු වී බදුකරු ඉවත් කර එය අත්පත් කරගෙන ඇති බවත් පැමිණිලිකාරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

මහින්ද අමරවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසරාජ් දසනායක මහතා අවධාරණය කළේ මහාධිකරණයේදී වු සමථයට තම සේවාදායකයා සම්බන්ධ වී නොමැති බැවින් මෙම නඩුව පවත්වාගෙන යාමට නිමිත්තක් නොමැති බවයි.

එහෙත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියානි රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ අදාල නඩුවේ පාර්ශවකරුවකු ලෙස ඇටෝර්නි බලපත්‍රකරු වන පළමු විත්තිකරු ඉදිරිපත්ව සිටි නිසා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම නඩුවට සම්බන්ධ බවයි.

– ලංකාදීප

15 views

5 Comments to “කෝටි ගණනක ඉඩමක් ලක්‍ෂ හයකට අරගෙන.. ශික්‍ෂාකාමී, සත්ගුණවත් මහින්ද අමරවීරට එරෙහිව කාන්තාවක් නඩු දමයි..”

  1. රන්නේ ජයවීර says:

    ඔය හැමෝගෙම කිල් ඔටවල හුනු තියෙන්නේ.

  2. සමන්මලි says:

    මහා ලොකු පොදු පෙරමුණ ලේකම්, ඇවිත් හොයලා බලන්නකෝ ටිකක් පවුල්වල විස්තර. නෝන කොහෙද? අර වලත්ත පුතා කොහොමද කියලා. ලෝකයට පරකාසේ ගෙදරට මර ගාතේ.

  3. dingiri menika says:

    oya mahalekam kamatath balenne puthe athulu une.
    eka muge purudda.

  4. yamapalla says:

    ඔය එලිවෙන්නෙ හොද හොද සෙල්ලම් .

  5. sinha le says:

    කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට..

    http://denethharinna.blogspot.de/2016/04/blog-post_24.html

Main News