කෝටි ගනන් සල්ලි මිටි ගෙනත් සේප්පුවේ දැමු ගොලෝබල් ප්‍රධානියා ‘බ්‍රයන් සින්නයියා’ ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුවේ අධ්යක්ෂවරයෙක්…
July 30, 2017 at 12:15 am | lanka C news
බැදුම්කර වංචාව සම්බන්ධව සොයාබල ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ගෝලෝබල් ගෘප් හි මූල්‍ය අධ්‍යක්ෂක බ්‍රයන් සින්නයියා 2015 ජනවාරි මාසයේදී මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව විසින් ජාතියේ මහා පහන් ටැබ යයි පවසන ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කොට ඇති බැව් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තා මගින් පැහැදිලි ය.
එම අවස්ථාවේදිම ඔහු දිගටම ඉහත සමාගමේ ද මූල්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරි කර ඇති බැව් ඊයේ කොමිසම ඉදිරියේදී සාක්ෂි දීමේදී හෙලිවිය. මොහු ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ලෙස රාජකාරි කරන කාලයේදී ලංකා බැංකුවේ ඉහළම විනිවිඳභාවයකින් යුක්ත කමිටුව වන විගනණ කමිටුවේ සාමාජිකයකු මෙන්ම අවදානම් කමිටුවේ හා වැටුප් හා මානව සම්පත් කමිටුවේ ද සාමජිකයකු ලෙස රාජකාරි කොට ඇත. මීට අමතරව ලංකා බැංකුව සතු මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රි ලංකා අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජකාරි කොට ඇති බැව් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
මෙවැනි වගකීම් රාශියක් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක දැරු බ්‍රයන් සින්නයියා ගොලෝබල් ගෘප් හි කොටස් සීයයට 30% හිමිව තිබු එහි සභාපති ධුරය දරන්නේ එංගලන්තයේ පදිංචිව සිටින ලක්ෂිමිකාන්තන් නැමැත්තෙක් විසින් වරින් වර මලුවල දමා ගෙනත් දුන් රුපියල් මිලියන 145 ක් ගැන කොමිසම ඉදිරිපිට සාක්ෂි දෙමින් පැවසිය. එම GLOBAL LOGISTIC සමාගමේ ඉතිරි සීයයට 70% ක් කරුණානායක පවුලට අයත් බව ඔහු පිලිගත් අතර මෙම නිවස මිලදී ගැනිමට සේලාන් බැංකුව හරහා රුපියල් මිලියන 150 ක නයක් ද දැනට රවි කරුණානායක පවුල පදිංචිව සිටින කොළඹ සුඛෝපභෝගි නිවාස සඳහා ගත් බවක් ද සාක්ෂිවල හෙලිදරව් කොට ඇත.
එමෙන්ම සාමාන්‍ය රජයේ සේවකයකු හෝ දුප්පත් මිනිහෙක් නිවාස ණයක් ඉල්ලුම් කල විට එය ලබාදීමට වසරක් පමණ කාලය ගතවන අතර කිසිදිනක නිවසේ වටිනාකමින් සීයයට 90% කිසිම බැංකුවකින් ලබාගැනිමට නොහැකිය, එහෙත් මෙම සුඛෝපභෝගි නිවස මිලියන 165 කට අනි විජේසූරිය මෙනෙවියගෙන් ගත් බවත් ඒ සඳහා බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් විසින් මූලික ගෙවීම වු රුපියල් මිලියන 11 ක් පමණ මෙලා කරුණානායක මහත්මිය ඉදිරිපිට දීමට ඇයට දීමට එකඟ වු බවත් මීට පෙර කොමිසම ඉදිරියේදී සාක්ෂි දෙමින් එම නිවසේ හිමිකාරිය පැවසීය. එමෙන්ම ඇය පැවසුවේ පසුව එම නිවස තමන්ට රුපියල් මිලියන 165 ක් ලබාදි කරුණානයක පවුලට අයත් සමාගමක් පසුව මිලදී ගත් බවයි. සේලාන් බැංකුවේ කොටස් ලංකා බැංකුව සතුවද පවති.
ලංකා බැංකුව නේද අර්ජුන අලෝසියස්ට මහා බැංකු බැදුම්කර ගන්න අවශ්‍ය මුදල් සම්පාදනය කලේ. ඒ කියන්නේ මහබැංකුව රනිල් යටතට ගත්ත. ලංකා බැංකුවට හෙන්චය්යෝ ටික දාගත්ත.ලස්සනට වැඩේ දුන්න බලාගෙන යනකොට මේවා ප්ලැන් කරලා තියෙන්නේ ජනවාරි 8 ටත් බොහොම ඉස්සර.
අපි හිතුවේ බෙහෙත් ගන්න මානසික රෝගියෙක් කියල. පිලිපීනයේ මාර්කෝස් ලා උගන්ඩාවේ ඉඩී අමීන්ලා මොන හොරුද.මෙන්න නියම සුද්දෝදනලා.මොලයක් නෙමෙයි තනි අලයක්.
මේ ප්‍රකාශය කරන්න, එහෙම නැත්නම් මේ විදිහට මුදලක් සේප්පුවක තන්පත් කරල තියාගන්න ප්‍රා-ජිතගෙ පුතාගෙ උපදෙස් ගන්න ඇති.
මෙයා බැංකු අධ්‍යකෂක කෙනෙක්. මම ඔය බැංකුවේම සේප්පු ගැන බාගදා ඊට වඩා දන්නවා.වැඩ කරලත් තියනවා.ඒ නිසා ප්‍රශ්න දෙකක් අසමි.
1.ඔය සේප්පුවේ සයිස් එක කොච්චරද?
2.බැංකුවක තැන්පත් කරල පොලියක් ගන්න තිබුන ඔච්චර මුදලක් සේප්පුවෙ තියාගෙන හිටිය ඔබ බැංකුවක ඔය තනතුරට ඇත්තටම සුදුසුද?
These are black money. Direct evidence for money laundering.
Ai meka vitharada money laundering Premadasage du Dulanjalige hora salli a gana mokada kiyanne Sajith
හරිනෙ ඉතින්. අලෝසියස්ගෙ සමාගමට බැදුම්කර ගන්න සල්ලි දුන්නෙත් ලන්කා බැන්කුවෙන්. ඒ මෙයා හරහා වෙන්න ඇති. යකො මේක මාස ගානක් තිස්සෙ ප්ලෑන් කරලා දුන්නු ලෝක හොරකමක්. වෙන රටකනම් අගමැතිට ඉල්ලා අස් වෙන්න කියලා මිනිස්සු පාරට බැහලා.
යහපාලන කරපිටින් අගාදයට යන අපේ මව් බිම …රනිල් .බොරු ලෙඩ අරන් සිංගප්පුර් ගිහිං දෙමළ ඩයස්පෝරා සමග කරපු මෙගා ඩිල් තමයි මේ ..අපේ රටේ සිටින මෝඩයෝ තාමත් රනිල්ගේ පස්සේ එල්ලිලා …රතු අලින් ට මේවා නොපෙනෙන්නේ උන්ටත් කුටියක් දෙන්න ඇති..කොහොමද බටලන්දගේ ,කුප්පයියගේ ටිකිරි මොළ …
තාමත් මේ රටේ ජනතාව බකන්නිලාගෙන බලා ඉන්නවා ..අන්දකයිප්පු කැවිලා වගේ …අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩද?
දැන්වත් මිනිසුනේ බැහැපියව් පාරට.. වටලව් සිරිකොත සහ පාර්ලිමේන්තුව එලවව් මේ යමපාලන හොරු රැල
අන්තිමේදී අපේ රටත් විකුණා දමා හොරු රැල විදේශ ගත වෙයි ….බලා සිටියොත් මහජාතිය අනාතේ