කෝටි දහයක අති නවීන සැප බෙන්ස් රියක් ප‍්‍රබලයෙක් ගෙන්වයි..

September 23, 2017 at 12:00 pm | lanka C news
කෝටි දහයක අති නවීන සැප බෙන්ස් රියක් ප‍්‍රබලයෙක් ගෙන්වයි..

අති නවීන බෙන්ස් ජීප් රථයක් මෙරටට ගෙන්වා පෑලියගොඩ රේගු අංගනයේ ගාල් කර ඇත. මෙහි වටිනාකම රුපියල් කෝටි දහය ඉක්වනු ඇති බව රේගු ආරංචි මාර්ග කියයි.

ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගමක් විසින් මෙම වාහනය ගෙන්වා ඇත්තේ බලවත් දේශපාලන පවුලක තරුණයෙක් බව පැවසෙන අතර තවත් ආරංචි මාර්ග සදහන් කරන්නේ ප‍්‍රබල දේශපාලන ඥාතිකම් සහිත ව්‍යාපාරිකයෙක් විසින් ගෙන්වා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම වාහනය ආනයනය කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ නමින් බවද වාර්තා වෙයි.

34 views