කෝටි දහයේ තිබූ අරක්කු ෆැක්ටරි බලපත් ගාස්තුව දශ ලක්ෂකට අඩු කරයි..
June 23, 2017 at 12:00 pm | lanka C news
මෙතෙක් මිලියන සියයක් ලෙස පැවති ස්කාගාර බලපත්‍ර ගාස්තුව නව රජය විසින් රුපියල් මිලියන එකක් දක්වා අඩු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්දන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානි වැළැක්වීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවයි.
ඒ වෙනුවෙන් ආගමික නායකයින් ආදී විවිධ ක්ෂේත්රයන් නියෝජනයෙන් පුළුල් සංවාදයක් ඇති කළ යුතු යයිද මන්ත්‍රීවරයා කීය.