කෝටි දහයේ දඩය නොගෙවුවොත් ලලිත් වීරතුංග තවත් කාලයක් හිරේ.. දඩය ගෙවන්න අරමුදලක්.. සිල් රෙදි ආපසු දෙන්න උපාසක උපාසිකාවන් සූදානම්..

September 11, 2017 at 10:40 am | lanka C news
කෝටි දහයේ දඩය නොගෙවුවොත් ලලිත් වීරතුංග තවත් කාලයක් හිරේ.. දඩය ගෙවන්න අරමුදලක්.. සිල් රෙදි ආපසු දෙන්න උපාසක උපාසිකාවන් සූදානම්..

බරපතල වැඩ ඇතිව තුන් වසරක සිර දඬුවක් ලබා දී ඇති හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන අවට නියම කර ඇති කෝටි 10ක් වූ වන්දි මුදල ගෙවීම සදහා අරමුදලක් පිහිටුවීමට ඒකාබද්ද විපක්‍ෂය කටයුතු කරමින් සිටී.

ඒ අනුව ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන් මෙම මුදල් ආධාර එකතු කිරිමට බලාපොරොත්තු වෙයි.

මේ අතර එම දඩ මුදල ගෙවීම සදහා තමන් ලබා ගත් සිල් රෙද්ද ආපසු දෙන්න සූදානම් යයි පසුගියදා දලදා මාලිගාවේදී උපාසිකා මාතාවක් විසින් හිටපු ජනාධිපතිවරයාට ප‍්‍රකාශ කර ඇති අතර රට පුරා උපාසක උපාසිකාවන් බොහෝ පිරිසක් එම සිල් රෙදි ආපසු ලබා දීමට සූදානමින් සිටින බව ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුනට දන්වා ඇත.

අදාල දඩ මුදල නොගෙවුවහොත් තවත් අමතර වසර දෙකක් සිර දඬුවම් විදීමට ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහත්වරුනට සිදුවෙයි.

75 views