කෝටි දෙකහමාරකට අධික වටිනා අයිස් මත්දුව්‍ය හා කේරල ගංජා යාපනයේදී අත්අඩංගුවට…

July 2, 2020 at 2:07 am | lanka C news
කෝටි දෙකහමාරකට අධික වටිනා අයිස් මත්දුව්‍ය හා කේරල ගංජා යාපනයේදී අත්අඩංගුවට…

යාපනය සිට කොළඹට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සහ කේරළ ගංජා කිලෝ  25 ක් සමඟින් පුද්ගලයකු යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි

ලැබුනු බුද්ධි තොරතුරකට අනුව කොළඹ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා ලබාදීම සඳහා පේදුරුතුඩුවේ සිට ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය හා කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් යාපනයට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැකපලකරති.

අත්අඩංගුවටගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු හා මත්ද්‍රව්‍ය යාපනය පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,229 Viewers

One Comment to “කෝටි දෙකහමාරකට අධික වටිනා අයිස් මත්දුව්‍ය හා කේරල ගංජා යාපනයේදී අත්අඩංගුවට…”

  1. neil says:

    What will happen to the stuff. Is there an established prcedure to securly store (Same stuff not the stiff changed to just white powder by crooked internal staff) and destroy.

    Is thera centerlised body to get these hauls recorded and take the responsibility on secure destruction?

    If not as we saw secondery drug mafia will developed. In fact It had aleardy,

    Mr Pesident Can you see to this

Main News