කෝටි බාගයකට වැඩි කේරල ගංජා යාපනේදී අල්ලයි..
February 1, 2019 at 2:25 am | lanka C news
යාපනය නගරයේ අලෙවි කිරීම සඳහා කේරල ගංජා කිලෝ 41 ග්‍රෑම් 530ක් රැගෙන ගමන් කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටයේය.
කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලිමකදී යතුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියා සිටියේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අදාල කේරල ගංජා තොගය විකිණීම සඳහා රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ