කෝටි බාගයක කේරල ගංජා අල්ලයි..
March 1, 2019 at 2:07 am | lanka C news
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව (28) මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්රෑම් 42.3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කේරල ගංජා තොගය පිළිබඳව උතුරුමැද නාවික විධානයට ලැබුණු බුද්ධී තොරතුරකට අනුව මන්නාරම් පොලීස් නිලධාරීන් පිරිසක්ගේද ඒකාබද්ධව සිදු කල වැටලීමකදී සැකකරු අදාල කේරල ගංජා තොගය විකිණීමට සැලසුම් කොට තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 වන වියෙහි පසුවන මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, උතුරු නාවික විධානයට අයත් වේග ප්රහාරක යාත්රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයකින් කේරළ ගංජා කිලෝග්රෑම් 86.4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ගනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ