කෝටි බාගයක කේරල ගංජා තොගයක් සමග ඉන්දීය ධීවරයින් 04ක් යාපනේදී අත්අඩංගුවේ..

July 17, 2018 at 5:30 pm | lanka C news
කෝටි බාගයක කේරල ගංජා තොගයක් සමග ඉන්දීය ධීවරයින් 04ක් යාපනේදී අත්අඩංගුවේ..

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්නයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 36 ක් සමග ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු සමග යාත්‍රාවක් උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු නාවික විධානයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ඩෙල්ෆ් දූපත ආසන්නයේ පිහිටි අනලතිව් දූපතේදී අදාල අනවරසර යාත්‍රාව පරික්ෂා කොට ඇති අතර එහි සගවා තිබූ අදාල කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් ධීවරයින් ලෙසින් වෙස් වලා උතුරේ කේරල ගංජා ජාවාරමේ නිරත ජාවාරම් කරුවන් වෙතට ලබා දීමට සැලසුම් කොට ඇති අතර සැකකරුවන් ඉන්දියාවේ තිරුවන්දනායි ප්‍රදේශයේ පදිංචි 28,30,31, සහ 42 යන වයස් කාණ්ඩයේ පසුවන්නන් වෙයි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සිව් දෙනා වැඩි දුර පරික්ෂණ සඳහා යාපනය කන්කසන්තුරෙයි පොලීසි වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

53 views

5 Comments to “කෝටි බාගයක කේරල ගංජා තොගයක් සමග ඉන්දීය ධීවරයින් 04ක් යාපනේදී අත්අඩංගුවේ..”

  1. සුනිල් අත්තනායක says:

    Vigneshwaranla uthuren ape hamudaawa elawanna try karanne okay,,,para demellu unge ewun witharak owaa beela marenawa nam kamak naha un owaa wikunanne rate me pathtata ewala….gas wanduro

  2. ගන්ජ බන්ඩා says:

    කුඩු කාරය‌ො එල්ලනව කියල රනිල/සිරා ම‌ෙි හදන්න‌ෙ බැඳුන්කර සහ මත් බිස්නස් එක‌ෙ‌න් රට සංවර්ධනය ක‌ොරන්නය්. අද අප‌ේ ගම් වල ගන්ජ බිස්නස් එක කරන තමය සාර්තකම මුදලාලිලා.

  3. lion says:

    පිරපාකරක් හමුදාවට විරුද්දව ආයුද ගන්න මුදල් එකතු කෙරුවේ මේවා විකුනලා තමා

  4. john the baptice says:

    Are LTTE guerrillas financed by drug money?

    The liberation Tigers of Tamil Eelam have been fighting since 1982 against the government of Colombo for their independence. They are using weapons that they are said to have bought with money obtained from acts of piracy and drug trafficking.

  5. Padmananda Siriwardena says:

    පිරිභාහරන් සහ ඔහුගේ ඥාතිවර්ගයා.. තමිල්නාඩුවේ සිට මුහුදු මාර්ගයෙන් වැල්වැටිතුරෙයි හරහා හොරෙන් බඩු ගෙනවිත්
    කොළඹ Sea Street සහ වැල්ලවත්ත ප්‍රධාන
    කරගෙන අතිවිශාල ලෙස මුදල් හම්බ කලා.
    නාවික හමුදාව මුහුදු මාර්ගයත්.. යුධ හමුදාව ගොඩ බිමත් ආරක්ෂා කිරීම නිසා.. ඉංදියාව හරහා ආයුධ පුහුණුවක් ලබා ගෙන… ඔවුන්ගේ ඉලක්ක ගත ආදායම ලබා ගැනීමට සටන් කලා.
    මුදල් සොයා යන ගමනේදී… *තරඟයේදී * ඔවුනොවුන් මරා ගත්තා..
    යාපනයේ කුඩු සහ ගංජා විකිණීම එකල සිදු වූයේ අඩුවෙන්.. ඊට හේතුව කොළඹ හරහා මත්ද්‍රව්‍ය දමිළයන් නොවන ජනතාවට විකුණා.. ඇබ්බැහියන් කර.. මඩිය තරකර ගැනීමය..
    යුධ හමුදාව උතුරේ සිදුකරන මෙහෙයුම් නිසා දකුණට එවීම ප්‍රමාද වෙන කොට,, එකතු වන ගංජා.. ආදී මත්ද්‍රව්‍ය අඩු මුදලට හෝ විකුණා මුදල් උපයාගන්නට ජාවාරම්කරුවන්ට සිදුවුනා.
    යාල්පානම් සංස්කෘතිය සමග තිබුණ බැඳීම් වලින් යාපනයේ තරුණයන් ඉවත් වෙලා.. දැන් **