කෝටි හාරදහසක් වංචා කල බවට හිටපු ජනපතිට චෝදනා..

February 25, 2020 at 10:34 pm | lanka C news
කෝටි හාරදහසක් වංචා කල බවට හිටපු ජනපතිට චෝදනා..

‘එළැඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෛත්‍රිපාල සිරිසේන අනිවාර්යයෙන්ම පරාද වෙනවා. බලය තිබුණ සහ තියෙන මිනිස්සු කවුද කියලා පොළොන්නරුවේ මිනිස්සු දැන් දන්නවා’ යැයි පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉතා පැහැදිලිව කිව්වා සන්ධානය ගොඩනැගීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් තනතුරක් දුන්නා. එයට පත් කරන පුද්ගලයා තීරණය කළේ අපි නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කියලා. මම හොඳටම දන්නවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ පහළොවක් නැහැ. උපරිම ඇති ඡන්ද ලක්ෂ දෙකක්. ශ්‍රී ලංකාකාරයෝ ඔක්කොම පොහොට්ටුවට ඇවිල්ලා ඉවරයි.

මෙතැනදී අපි බලන්න ඕනෑ දේ හතරවිලිලැජ්ජාවක් තියෙනවා නම් මෛත්‍රිපාල සිරිසේනට පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද කියල. එයාට තනතුරක් නැතුව ඉන්න බැහැ. එහෙම නැතුව මේ ඡන්දෙ ඉල්ලන්නේ මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමෙයි.

මම පොළොන්නරු ජනතාවට කියනවා මේ සැරේ හොඳට බලන්න ශ්‍රී ලංකා යූඑන්පී, පොහොට්ටු මොන පක්ෂය බලයට ආවත් ඇමැතිකම් ගත්ත අය කවුද කියලා. එයාලව පරාද කරන්නම ඕනෑ. මෛත්‍රිපාල සිරිසේන පිබිදෙන පොළොන්නරුව කියල තනිකරම කළේ මූල්‍ය වංචාවක්. කෝටි හයදහස් තුන්සීයක් පොළොන්නරුවට වියදම් කළා කියලා කියනවා. ඒත් මම ඉතා වගකීමෙන් කියනවා කෝටි හාරදහසකට වඩා ගසා කෑවා.

මම ජනාධිපතිතුමාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න සූදානම් මේ පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කරන්න කියලා. මම කවදාවත් ​පොළොන්නරුව ජනතාව දාලා යන්නේ නැහැ. ​පොළොන්නරු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හැමදාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලනය කරනවා.

– aruna

55,495 Viewers

14 Comments to “කෝටි හාරදහසක් වංචා කල බවට හිටපු ජනපතිට චෝදනා..”

  1. Sandun Dhammika says:

    Finishing war , protesting against drugs is not an excuse to get a free jail out card.
    Yes these guys all belongs to jail. Even the current active president have more allegations, when time comes the stuff will happen.
    T hives does not belongs to open democratic world, they belongs to jail.

    • 8 Fail Pad Sajith says:

      සමනල ජීවිතයකට ඇතුල්වුන ආප්ප පාල ගැඩවිල්සේන හිටන් බ්‍රෙසියර් දෙපත්නයා.. ක්‍රෑහ් තුහ්… මහින්ද ගොබ්බයාට මොලේ නෑ.. සැලූන් දොර රෝල් කරලා ගහගනින්

    • කිරිමෙල් says:

      Still the same old story even after 4 1/2 years of jadapalanaya. Created allegations would never be proved.😂😂😂😂😭😭😭😭😝😝😝

  2. PULATHISI says:

    සිරිසේනට කළකම් පළදිය යුතුයි. පසුගිය වසර පහකට ආසන්න කාලයක් තුළ කරන ලද වංචා දූෂණ පමණක් නොව පාස්කු ප්‍රහාරයේ වගකීමද රනිල් සිරිසේන විසංයෝගය වගකිව යුතුයි. ඒ අපරාධයන්ට ඔවුන් දඬුවම් ලැබිය යුතුයි.

  3. Kalana says:

    Moo eekayi Parliament enna hadanne…

  4. Niru says:

    Every day you see these allegations. Most are true. But no one has been hanged for it. Either hang them or don’t talk about it till your teeth falls off.

  5. True, SPP, Phottuwa leaders too don’t have clean hands since they too have allegations regarding financial frauds and killing of innocent people!!

    But, those leaders of SLPP, :Phottuwa can get better and rectify their past mistakes and can become , honest, decent, fair-go, decent politicians to serve the poor Sri Lankans again. But, they took in Maithripala to contest from Phottuwa SLPP electoral symbol and that is that these SLPP leaders are going back to their old criminal past by taking in Maithripala who is a crook, thief, a terrorist supporter and a ‘boru karaya’ deceiving the poor Sri Lankan people with his bloody, lies and empty words.

  6. Sun says:

    Cannot trust most of the wicked politicians as they are in politics only for money. They do not have a sense of serving people of the country. They are only thinking about their family nothing else.Because of these dirty politicians on the top all are thinking of doing politics and make money like them. They do not know that money is not happiness. We have to develop our minds to go beyond these barriers blocking path to happiness. That is looking internally rather than looking at the physical nature of the world.

  7. Ruwan says:

    This is totally wrong. MY3 is the only politician who did at least something for the Polonnaruwa. If you check with anyone from Polonnaruwa can understand it. Roshan is doing 3d class political campaign.

  8. Xman says:

    If its in CHINA , this idiot already in death raw.

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    රටේ ජනාධිපති හැටියට මුළු රටම නැති කරල පොළොන්නරුව විතරක් හදල වැඩක් තියෙනවද. අවු 5 ක් රටේම ජනාධිපති. මේක ගම් සභාවක සභාපති නම් ගැටළුවක් නෑ. ඒ වගේ තැනකට වත් සුදුසු නෑ.

  10. Roshan Ranasinghe has to to think more before he criticized and challenged to an ex President.

  11. සිංහල විතරක් දන්න මෛය්තීරී රට රටවල් වල් වලට ගිහිල්ල වාර්තා තිබිබට රටෙි ප්රතිරෑපය හදන්න කියල භාෂා පරිවර්තකයො කියපු දෙවල් ගැන වෙනම අහන්න වෙයි

Main News