කෝටි 100ක දුර්ලභ Phenakite මැණිකක් බේරුවල ව්‍යාපාරිකයකුට හමුවෙයි…

November 25, 2021 at 8:40 am | lanka C news
කෝටි 100ක දුර්ලභ Phenakite මැණිකක් බේරුවල ව්‍යාපාරිකයකුට හමුවෙයි…

ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් ප්‍රථම වරට මෙරටින් හමුවී බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයක් සතුව තිබෙන බව කියයි .

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බවය.

එම මැණික් ගල බලංගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවත් බර කැරට් 616.90ක් වන එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවත් එම ව්‍යාපාරිකයා පවසයි.

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවය.

කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ඔහු පැවසීය.

“මම සාමාන්‍යයෙන් රට වටේම ගිහින් මැණික් ගල් එකතු කරනවා. එහෙම කරලා ව්‍යාපාරිකයන්ට සහ විදේශිකයන්ට අලෙවි කරනවා කිලෝ 4ක විතර මැණික් ගල් මට එකතු වුණා. ඒ අතර මේ ගලත් තිබුණා. ඒ ටික මම විකුණන්න ගියාම මේක පළිගුවක් කියලා අයින් කළා. ඊට පස්සේ මම මේක විතරක් පරීක්ෂා කරන්න දැම්මා. ඒ වෙලාවෙදි තමයි මේක හඳුන ගත්තේ. මගේ ජීවිතේට මම මේ නම අහලා තිබුණෙත් නෑ.” මැණික් ව්‍යාපාරික මොහොමඩ් පස්රීන් නසීර් මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේය.

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

60,976 views

6 Comments to “කෝටි 100ක දුර්ලභ Phenakite මැණිකක් බේරුවල ව්‍යාපාරිකයකුට හමුවෙයි…”

  1. බයිසන් says:

    ඛණිජ තෙල් හම්බවෙන්නෙත් මට්ටයන්ට ලොකු මැණික් හම්බවෙන්නෙත් උන්ටම යි.

    • Ajith says:

      The comment you have made is very inappropriate and narrow minded in a troubled country like Sri Lanka in the present context.
      In a lighter note 😂 I think your comment represent the true meaning of your name, “By-Son” to mean that you are a real “Bayya” (a Mutt or “Mottaya”)

  2. SL says:

    Good luck ,

  3. Chaminda ayya says:

    රටට රාජපක්ෂල යටතේ හොඳ කලක් උදාවෙනව. ඒකයි කවදාවත් නොලැබුණු මැණික් ගල් ලැබෙන්නේ. රාජපක්ෂලට ජයවේවා! මව්බිම දිනේවා!!

  4. Dengu Nona says:

    Gal Kaarayanta honda kaalayak wageyi!!

Leave a Comment

Main News